නව කැබිනට් ඇමැති විජිත හේරත් සහ ජනපතිට හිමි අමාත්‍යංශ

2050

නව රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස විජිත හේරත් මහතා අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.එහිදී ඔහු යටතට බුද්ධශාසන හා ආගමික කටයුතු,සංස්කෘතික හා ජාතික ඒකබද්ධතා,ජනමාධ්‍ය,ප්‍රවාහන හා මහාමාර්ග,මහජන ආරක්ෂක,විදේශ කටයුතු,නාගරික සංවර්ධන,ඉදිකිරීම් හා සමාජ ආරක්ෂණ යන අමාත්‍යංශ පවරා ඇත.මේ අතර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට ආරක්ෂක,මුදල් ,ආර්ථික සංවර්ධන,බලශක්ති,කෘෂිකර්ම,ඉඩම්,වාරිමාර්ග,ධීවර ඇතුළු අමාත්‍යංශ කිහිපයක් පවරාගෙන ඇත.


advertistmentadvertistment