නව කැලණි පාලම ආලෝකවත් කළ පසු…

231

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති සහ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුකු කළ 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කළ ලංකාවේ ප‍්‍රථම වරට අධිතාක්‍ෂණික කේබල් යොදා ඉදිකෙරෙන නව කැලණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබා දෙන ලදි.

 මෙම නව කැලණි පාලම ශ‍්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩිකිරීමට ඉවහල් වන ප‍්‍රධාන සාධකයක් වන නිසාත්, කැලණි ගෙඟ් සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය. එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරීම සඳහා භාවිතා කරන නව තාක්‍ෂණික ක‍්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමුකර ඒවා අප රටට සුදුසු නම් එම ක‍්‍රමවේදයන් මේ නව කැලණි පාලම සඳහා යොදා ගන්නා ලෙස උපදෙස් ලබාදුනි.

 අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ලබාදුන් උපදෙස් මත මේ වන විට නව කැලණි පාලම විදුලි ආලෝකකරණය කර ඇත. එම විදුලි ආලෝකකරණ පද්ධතිය පෙරේදා (14දා) අත්හදා බැලීමේදී නව කැලණි පාලම මෙසේ දිස්විය.

advertistmentadvertistment
advertistmentadvertistment