නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දෙති

278

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් අද උදෑසන නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා , සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මහත්වරු නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.


advertistmentadvertistment