නව මාධ්‍ය තොරතුරු සන්නිවේදනය හා පුද්ගල චර්යාව

272

නූතන සන්නිවේදන තාක්‍ෂණයේ විප්ලවීය වෙනස්කම් හමුවේ අප අත්විඳින හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද බොහොමයකි. එහිදී නව මාධ්‍ය මගින් සිදුකරන තොරතුරු සන්නිවේදනය කෙරෙහි පවතින පුද්ගල නැඹුරුව සුවිශේෂී වේ. මෙම පුද්ගලත්වය මූලික කරගත් නව මාධ්‍ය තොරතුරු හුවමාරුව පුද්ගල හා සමාජ විපර්යාස රැුසකට බඳුන් කරමින් පවතියි. මෙම ලිපිය, නව මාධ්‍ය මූලික කරගත් පුද්ගල ක‍්‍රියාකාරකම් හා එමගින් පුද්ගල චර්යාව මෙන් ම සමාජය වෙත ඇති කරන බලපෑම පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය හරිස්චන්‍ද්‍ර ගාම්භීර මහතා සමග සිදු කළ සාකච්ඡුාවක් ඇසුරින් සකස් කළ සටහනකි.

  1. පුද්ගල පෞරුෂයේ ක‍්‍රියාකාරී ව්‍යුහය

පෞරුෂ වර්ධනය විග‍්‍රහ කරන විවිධ මතවාද ඇතත් නව මාධ්‍ය පුද්ගල චර්යාව මත සිදු කරනු ලබන වෙනස්කම් වඩාත්ම තර්කානුකූලව විමසිය හැක්කේ සිග්මන් ෆ්රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණවාදය ඇසුරෙනි. ෆ්රොයීඩියානු මතය අනුව මානව පෞරුෂය කොටස් තුනකින් සමන්විත වේ. එනම්, ඉඞ් (ID)සංස්කාරය, සවිඥානක මනස (Ego) සහ අධිඅහම (Super ego) යනුවෙනි. මෙහි ඉඞ් සංස්කාරය සහ අධිඅහම අවිඥානක වන අතර සවිඥානක මනස යථාර්ථය සමග බද්ධව පවතියි.

ඉඞ් සංස්කාරය උපතේ සිටම පවතින අතර

ලිංගිකත්වය සහ ප‍්‍රචණ්ඩත්වය වැනි සහ ආශයන් එහි මූලික සංඝටක වේ. මේ ආශයන් වුවමනාව හටගත් විගස ඉටුකර ගැනීමට අවශ්‍ය වන අතර ‘සුඛාස්වාදන මූලධර්ම’ මගින් ඒවා පාලනය කරනු ලබයි. තවද මෙම ඕනෑකම් ඉටු කරගැනීමේ දී අවට පරිසර තත්ත්වයන් කෙරෙහි කිසිදු තැකීමක් නොකරයි. ඔබ සිටින්නේ කොතැනකද අවට සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු තැකීමක් නැති අතර කිසිදු නීතියක් රීතියක් ගැනද නොතකයි.

පුද්ගලයා වර්ධනය වත්ම වසර පහක පමණ අවධියේ සිටම ඔහු වෙසෙන සමාජයේ පවත්නා සමාජ හරයන්, ආචාරධර්ම මෙන් ම සෙසු සංස්කෘතික ලක්‍ෂණ ද පෞරුෂය තුළට අන්තර්ග‍්‍රහණය කර ගනියි. මෙය පළමුව තම නිවසින් ද පසුව පාසල සහ සමාජය තුළින් ද ග‍්‍රහණය කරගන්නා සංස්කෘතික හා උපසංස්කෘතික ලක්‍ෂණ වේ. එකී පුද්ගලයාගේ චර්යාව හසුරුවනු ලබන්නේ මෙසේ ග‍්‍රහණය කරගනු ලබන සමාජ හා සංස්කෘතික ලක්‍ෂණයන්ට අනුකූලවයි. පෞරුෂයේ මෙම සංඝටකය අධි අහම (Super ego) ලෙස හඳුන්වනු ලැබේ.

කිසියම් පුද්ගලයෙකු හට ලිංගිකත්වය සහ ප‍්‍රචණ්ඩත්වය වැනි ප‍්‍රාථමික ආශයන් ප‍්‍රමුඛත්වය දෙන ඉඞ් සංස්කාරය ඇසුරේද, සියලූම ආකාරයේ සමාජීය සාරධර්ම, හර පද්ධතිය මෙන් ම නීතිරීතිවලට අනුකූලව ජීවත්වීම යථාර්ථයට පටහැනි දුෂ්කර ක‍්‍රියාවකි. එබැවින් එක් එක් පුද්ගලයා සිය ජාන ලක්‍ෂණ අනුව ද හැදී වැඩෙන පරිසරය අනුව ද ඔහුගේ හෝ ඇයගේ ප‍්‍රජානන අනුව ද තමාට ගැළපෙන ස්ථානයක් ඉඞ් සහ අධි අහම අතර සකස් කරගන්නා අතර ඒ අනුව ඔහුගේ චර්යා රටා හසුරුවා ගනී. මෙය සවිඥානක මනස (ego) ලෙස හඳුන්වනු ලැබේ. මෙලෙස සකස් කරගනු ලබන ස්ථානය වඩාත් ළං වන්නේ ඉඞ් දෙසට නම් ඔහුගේ සමාජ සාරධර්මයන්ට ගරු නොකරන ‘අධම පුද්ගලයෙකු’ වන අතර වඩාත් ළං වන්නේ අධි අහම දෙසට නම් ඔහු ‘ආදර්ශවත් සංස්කෘතික මිනිසෙකු’ බවට පත්වේ. මෙහිදී පුද්ගලයාගේ චර්යා රටා හසුරුවනු ලබන්නේ යථාර්ථවාදී මූලධර්ම මගින් වන අතර ඉඞ් අවශ්‍යතාවන් අධි අහමේ අධීක්‍ෂණයට යටත්ව ඉටුකර දෙනු ලබයි.

මෙම සංඝටක තුනම පුද්ගලයාගේ පෞරුෂය තුළ අන්තර්ගත වී ඇති අතර ඒවා එකිනෙක සමග නිරන්තර ගැටුමක නිරතව සිටියි. ජීවත්වන සමාජ වටපිටාව අනුව අවස්ථානුකූලව ඒවායේ ගති ලක්‍ෂණ ඉස්මතු වනු ඇත. යමෙකු සෙසු අය හමුවේ සමාජය අභියස දී සමාජ සදාචාරයන්ට අනුකූලව එනම්, අධි අහමට ගැළපෙන ලෙස හැසිරෙනු ඇති අතර හුදෙකලා වූ විට සහ ආශයන්ට මුල්තැන දෙනු ඇත. ඒ කෙසේද යත්, හුදෙකලා වූ විට කිසිදු ප‍්‍රති සමාජ විරෝධයක් හෝ තහංචියක් පැන නොනගින බැවිනි. උදාහරණයක් ලෙස ආචාර්යවරයෙකු දේශන ශාලාවේදී සිසුවියක සමග හැසිරෙන අයුරින් ඔවුන් දෙදෙනා හුදෙකලා වූ විට නොහැසිරී ඔවුනට රිසිසේ හැසිරෙනු ඇත. දේශන ශාලාවේදී හැසිරීම ‘සංස්කෘතික මූලධර්මවලට’ අනුකූල වන අතර හුදෙකලා වූ විට ඔවුන්ගේ චර්යාව පාලනය කරනු ලබන්නේ සමාජ නීතිරීතිවලින් තොර ‘සුඛාස්වාදන මූලධර්ම’ අනුව විය හැකිය.

පෞරුෂ ව්‍යුහය නිර්මාණය වීමේ දී බලපාන ප‍්‍රධාන සාධක දෙකකි. එනම් තම දෙමවුපියන්ගෙන් උරුම කරගනු ලබන ජානමය ලක්‍ෂණ සහ හැදී වැඩෙන සමාජ පරිසරයේ පවතින්නා වූ හර පද්ධතියයි. ඉඞ් සංස්කාරය ක‍්‍රියාත්මක වන අවස්ථාවේදී පුද්ගලයාගේ චර්යා රටාව රැුඳී පවතින්නේ හුදෙක්ම තමා ප‍්‍රවේණියෙන් උරුම කරගන්නා ජාන ලක්‍ෂණ අනුවයි. තව ද එම ප‍්‍රාථමික අවශ්‍යතා ඉටු කරගැනීමේ දී කිසිදු බාහිර සාධකයක බලපෑමකට බඳුන් වී නොමැත. ළදරුවෙකු බඩගින්නෙන් හ`ඩන විට මවක් අන් අය බලා සිටිය දී වුවද ළදරුවාට කිරි ලබා දී ඔහුගේ

කුසගිනි වහාම නිවා දැමිය යුතුය. සුදුසු පරිසරයක් එළඹෙන තුරු බලා සිටිය නොහැකිය. ඒ අනුව ඉඞ් සංස්කාරය අනුව සහජ ආශයන් වහාම සංතෘප්ත කළ යුතුය.

එහෙත් පුද්ගලයෙකු හැදී වැඩුණු පසු තමාගේ කුසගින්න හෝ ලිංගික ආශාවන් වැනි සහජ ආශයන් එලෙසම, එවිටම ඉටුකර ගැනීමට උත්සාහ නොකරන අතර අවට සමාජයේ වටිනාකම්වලට උචිත ආකාරයෙන් ඉටු කරගැනීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටියි. විශේෂයෙන්ම ලිංගික අවශ්‍යතාවක් ඇති වූ වහාම එය ඉටු කරගැනීමේ කිසිදු ඉඩකඩක් නැත. එවන් ආශාවක් සංතෘප්ත කරගැනීම උදෙසා පවතින සමාජීය තහංචි බොහෝය. එකී කාර්යය සඳහා දීර්ඝ සංකීර්ණ සැලසුමක් අවශ්‍ය විය හැකි වන අතර බොහෝවිට එය අසාර්ථක විය හැකිය. මෙම ක‍්‍රියාදාමය අධි අහමේ අධීක්‍ෂණයට යටත්ව ක‍්‍රියාත්මක වනු ඇත. තවදුරටත් එය සවිඥානක මනසේ පිහිටීම අනුව ද වෙනස් විය හැකිය.

මෙලෙස අවශ්‍යතා සපුරා ගැනීමේදී මිනිසුන් සමාජ හර පද්ධතියට අනුගත වෙනවා. සමාජයේ පොදු යහපැවත්ම වෙනුවෙන් තම සහජ ආශයන් සපුරා ගැනීමේ දී තමා ජීවත් වන සමාජයේ පවතින හර පද්ධති, වටිනාකම්, සාරධර්මවලට අනුගත වෙමින් ඉටු කර ගැනීමට පෙලඹෙනවා. නිදසුනක් වශයෙන් යහපත් මිනිසෙකුට අප ජීවත් වන සමාජයේ ලිංගික අවශ්‍යතාව සපුරා ගැනීම උදෙසා සමාජ සම්මතය පරිදි විවාහ වීමට අවශ්‍ය වීම දැක්විය හැකිය.

  1. සමාජ ක‍්‍රියාකාරීත්වයේ දී පුද්ගල චර්යාව වෙනස් වන ආකාරය

ඉහත සඳහන් කළාමක් මෙන්, ඉඞ්, සවිඥානක මනස සහ අධි අහම යන සංඝටක තුනම පුද්ගල පෞරුෂ ව්‍යුහයේ අන්තර්ගත වන අතර ඒවා එකිනෙක සමග නිරන්තර ගැටුමක නිරතව පවතී. ඒ අනුව අවට පරිසර සාධක සහ විවිධ සමාජ තත්ත්වයන් යටතේ එම එක් එක් සංඝටකයේ ක‍්‍රියාකාරීත්වය වෙනස් විය හැකිය. නිදසුනක් වශයෙන් නැවතත් ගුරුවරයා සහ සිසුවියගේ සම්බන්ධතාව විවිධ පරිසර තත්ත්වයන් තුළ එනම්, පන්ති කාමරයේ සහ ඉන්පසුව වෙනස් විය හැකි ආකාරය ගත හැකිය. පන්ති කාමරය තුළ දී අධි අහම මගින් සංස්කෘතික හර පද්ධතියට අනුව හසුරවන ලබන චර්යාව හුදෙකලා වූ විට සමාජ හර පද්ධතියෙන් මිදී ‘සුඛාස්වාද මූලධර්ම’ මගින් හසුරුවන ලබන චර්යා රටාවකට අනුගත වනු දැකිය හැකිය.

එසේ වුව මෙය සෑමවිටම මෙලෙස සිදුනොවිය හැකිය. සමාජ සංස්කෘතික ගති ලක්‍ෂණයන් මැනවින් අන්තර්ග‍්‍රහණය කරනු ලැබූ මනා පෞරුෂයක් ඇත්තවුන් හුදෙකලා වුව ද සමාජ සම්මතයන්ට පටහැනි නොවනු ඇත. අධි අහමේ ගති ලක්‍ෂණ එලෙසම සුරකිනු ඇත. එහෙත් සවිඥානක මනස ඉඞ් සංස්කාරයට ආසන්නටව පෞරුෂය සකස් කොට ගත් අයෙකු සමාජ නිරීක්‍ෂණයෙන් වියුක්ත වූ විගස සිය ජාන සංයුතිය මතම නිර්මාණය වූ ප‍්‍රාථමික හැසිරීම් දෙස නැඹුරුව ස්වකීය ක‍්‍රියාකාරකම් පවත්වාගෙන යෑමට පෙලඹේ.

  1. පුද්ගල චර්යා කෙරෙහි නව මාධ්‍යයේ බලපෑම

සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු තුළ ඇති වන වෙනස්කම් හුදෙක් සන්නිවේදනයේ දියුණුව පමණක් හේතුකොටගෙන සිදුවන්නක් නොවේ. එම වෙනස් වීම්වලට අනුබද්ධ තවත් සාධක රැසක් තිබේ. ආර්ථික මට්ටම, අධ්‍යාපනය, පවුල් සම්බන්ධතා ආදී සාධක ඒ අතර වේ. නමුත් නූතනයේ නව මාධ්‍ය මගින් සිදු කරන තොරතුරු සන්නිවේදනය මගින් පුද්ගල චර්යා කෙරෙහි ඇති කරන බලපෑම, ආධිපත්‍ය සෙසු සාධකවලට වඩා ඉදිරියෙන් පවතියි. නූතනයේ අප ගත කරන්නේ තොරතුරු මූලික කරගත් සමාජයකය. තොරතුරු සන්නිවේදනය දිනෙන් දින වෙනස් ස්වරූප ගන්නා අතර එය පුද්ගල චර්යා කෙරෙහි පාරිසරිකමය වශයෙන් විවිධ බලපෑම් ඇති කරයි.

නූතනයේ පවතින වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා බොහෝදෙනා තම තොරතුරු අවශ්‍යතා ඉටු කරගැනීමට නව මාධ්‍ය භාවිතයට යොමු වී ඇත. එහිදී ස්වකීය කාර්යාලීය කටයුතු අධ්‍යාපන කටයුතු, සම්බන්ධතා හා වෙනත් තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතා වෙනුවෙන් නව මාධ්‍ය භාවිත කරයි. මේ නිසා මානව සමාජයේ නිරන්තරයෙන් ස්මාර්ට් දුරකථන, ටැබ්, පරිගණක, ලැප්ටොප් ආදී උපකරණ භාවිතය සුලබ වී ඇත.

විශේෂයෙන් අන්තර්ජාලය මූලික කරගත් සයිබර් අවකාශයේ සිදු කරන සන්නිවේදනය මගින් පුද්ගල පෞරුෂයේ ඉඞ් (ID) අවස්ථාව ක‍්‍රියාත්මක වීමට සඳහා අවශ්‍ය පසුබිම සකසයි. ඊට හේතු වන්නේ පුද්ගලයන් සයිබර් අවකාශයේ බොහෝ චර්යා සිදුකරන්නේ ‘හුදෙකලාව’ වීමයි. මේ නිසා නිරායාසයෙන් ම පුද්ගල ක‍්‍රියාකාරකම් ‘සුඛාස්වාදන මූලධර්ම’ මත සිදු කිරීමට පෙලඹෙයි.

මෙම නව මාධ්‍ය භාවිතය හා පුද්ගල ක‍්‍රියාකාරකම් අතර අද පවත්නා ප‍්‍රවණතාව වන්නේ නොයෙක් සමාජ සම්මතයෙන් බැහැර වූ නොයෙක් අශ්ලීල දේ හුවමාරු කිරීමට පෙලඹීමයි. මේ අතර නොයෙක් අසභ්‍ය දෑ නැරඹීමට, අසභ්‍ය දේ අන් අය වෙත ප‍්‍රදර්ශනය කිරීම දැක්විය හැකිය. මෙය මානවයාගේ ලිංගික අවශ්‍යතා සමාජ සාරධර්ම, වටිනාකම්වලින් ඔබ්බට ගොස් සංතෘප්ත කරගැනීමට යෑමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

මානව සමාජයේ ලිංගික අවශ්‍යතා ඉටු කරගැනීමේදී සංස්කෘතික වශයෙන් නිර්මාණය කර දී ඇති අවස්ථාවලට ඔබ්බට ගොස් අන්තර්ජාලය මගින් නොයෙක් අසභ්‍ය දෑ නැරඹීම, අනුන්ගේ මෙන්ම තමන්ගේ නිරුවත් ඡායාරූප, විඩියෝ නැරඹීම පෙලඹීම දැක්විය හැකිය. මෙවැනි අවස්ථාවකදී ඉඞ් (ID) සංස්කාරය පුද්ගල පෞරුෂය ක‍්‍රියාත්මක වන බැවින් මෙවැනි ව්‍යභිචාර වෙත යොමුවීමේ දී පුද්ගල සදාචාරයෙන් පෙන්වා දෙන සම්මතයන් සියල්ල උල්ලංඝනය කරමින් පුද්ගලයා ක‍්‍රියා කරයි.

  1. නව මාධ්‍ය හා පුද්ගල ක‍්‍රියාකාරකම්

නව මාධ්‍ය ක‍්‍රමවේද මගින් අසභ්‍ය ක‍්‍රියාකාරකම් සඳහා පුද්ගල පෞරුෂය නැඹුරුවීම කෙරෙහි ‘පුද්ගල හුදෙකලා’ ස්වභාවය හේතු වී තිබෙනවා. එනම් නව මාධ්‍ය පරිහරණයේ දී අදාළ උපකරණ හා මෙවලම් සමග පුද්ගලයාට අවශ්‍ය තොරතුරු වෙත යොමුවීමේ නිදහස හා අවස්ථාව උපරිමයෙන් සලසා තිබේ. මේ නිසා සමාජය තමන් දෙස බලා සිටියදී නොකරන දේ කිරීමේ නිදහස පුද්ගලයාට හිමි වී තිබෙනවා.

නව මාධ්‍ය භාවිතයේ හිමිවන අසීමිත පුද්ගල නිදහස සංස්කෘතික සදාචාර, සම්මතයන් සමග දිවි ගෙවන පුද්ගලයෙකු වුවද සමාජ සම්මතයෙන් බැහැර වූ ක‍්‍රියාකාරකම් කිරීම සඳහා පෙලඹවීමක් ඇති කරනවා. එහිදී සමාජයේ ඉදිරියේ ප‍්‍රසිද්ධියේ නොකරන දේ සිදු කිරීමට රහසේ කිරීමට පසුබිම්ක් සකස් කරගන්නවා.

තවත් විටෙක, මෙම නව මාධ්‍ය ක‍්‍රියාකාරකම්වලදී ‘පුද්ගල අනන්‍යතාව’ සොයා ගැනීමට නොහැකි ලෙස ක‍්‍රියා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ නිසා ව්‍යාජ හැඳුම්කම් සහිතව නිර්මාණය කරගත් ගිණුම් මගින් සමාජ ව්‍යභිචාරවල යෙදීමට හැකියාවක් උදාකරගෙන තිබෙනවා. මේ මගින් පුද්ගලයා කවර සමාජ තලයක, කවර නම් තනතුරක් දැරුවත් ස්වකීය ප‍්‍රාථමික හැසිරීම්වල නිරතවීමේ හැකියාව උදාකර ගන්නවා.

මෙහිදී පුද්ගලයාට සමාජ නිරීක්‍ෂණයෙන් ඇතිවන බලපෑම, මර්දනකාරී ක‍්‍රමවේදවලින් බැහැරව ක‍්‍රියාත්මක වීමට හැකි නිසා නව මාධ්‍ය උපයෝගි කරගෙන ස්වකීය අනන්‍යතාව හෙළි නොවන ආකාරයට සමාජ විරෝධි ක‍්‍රියා සිදු කිරීමට පෙලඹෙනවා. නූතනයේ සමාජ මාධ්‍ය මූලික කරගත් නොයෙක් අපචාර, අපයෝජන කෙරෙහි පුද්ගලයන් නැඹුරු වන්නේ ‘පුද්ගල අනන්‍යතාව’ හෙළි කර ගැනීමට නොහැකි වීම හේතු කරගෙනයි.

HTML clipboard එසේම ලිංගිකත්වය හා බැඳුණ අවශ්‍යතාවලදී පුද්ගලයා සමාජ සම්මතයෙන් බැහැරව, තම සිතැ`ගියාවන් අනුව ක‍්‍රියාත්මක වීමේදී චිත්තාවේග පාලනය කරගැනීමට නොහැකි වී යයි. මේ නිසා සමාජ සම්මතයෙන් බැහැර වූ දේ කිරීමේ දී පුද්ගල අනන්‍යතාව හෙළි වුවහොත් සමාජයෙන් එම පුද්ගල පෞරුෂයට ප‍්‍රතිවිරෝධයක් ඇතිවිය හැකිය. මෙහිදී එවැනි සිතැ`ගියාවන් සංතෘප්ත කරගැනීමේදී නව මාධ්‍ය මූලික කරගත් පුද්ගල ක‍්‍රියාකාරකම් සමාජයට නොපෙනී සිදු කිරීමට පෙලඹෙනවා.

සංවාද සටහන
අමාලී උත්පලා නන්දසිරි

advertistmentadvertistment
advertistmentadvertistment