නව රජයක් පත් වූ පමණින් මහ බැංකු අධිපති අස්විය යුතු නෑ – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

283

රජයක් වෙනස් වූ පමණින් ස්වාධීන මහ බැංකුවක ස්වාධීනව පත්වූ මුදල් මණ්ඩලයක් සහ අධිපති වෙනස් වීමට හේතුවක් තමා නොදකින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

එසේ ඉවත්විය යුත්තේ එම මණ්ඩලයේ ඉන්න සාමාජිකයින්ගේ පෞද්ගලික තීරණ මත මිස සම්ප්‍රදායක් අනුව නොවේ යැයිද ආචාර්ය වීරසිංහ මහතා කීවේය.

රජය වෙනස් වූ විට මහ බැංකු අධිපතිවරයාද වෙනස් වීමේ සම්ප්‍රදායක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බව දැකගත හැකි වූ බවට මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ ගැන අදහස් දක්වමින් මෙසේද කීවේය.

දැන් පවතින නව මහ බැංකු පනත යටතේ මුදල් මණ්ඩලය සහ අධිපති යම් නිශ්චිත කාලසීමාවකට පත්කරලා තියෙන්නේ. අපේ වගකීමක් තියෙනවා පත් කළ කාලසීමාව තුළ අපිට හැකි උපරිම ප්‍රමාණයෙන් තියන නීති යටතේ ඒ දායකත්වය ලබාදෙන්න.

මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (27දා) දහවල් මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment