64 වන ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය
මෙරට මලල ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දැක බලා ගැනීම සහ ඇගයීමට ලක් කිරීම අරමුණු කර ගනිමින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක 64 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ (15) කැපී පෙනුනම ක්‍රීඩීකාව බවට පත්වෙමින් බිබිල නන්නපුරාව මධ්‍ය මහා විද්‍යාලයේ එච්. එම්. එන්. මධුෂානී හේරත් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය.
අවුරුදු 20 න් පහළ බාලිකා දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම උදෙසා මධුෂානී හේරත් ප්‍රදර්ශනය කළ මීටර් 6.32 ක දක්ෂතාව නව තරග වාර්තාවක් ලෙස සටහන්විණි.
මෙවර තරගාවලියේ ආරම්භක තෙදින තුළ නව තරග වාර්තා රැසක් පිහිටු වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම ද ඒ අතරේ කැපී පෙණුනි.
මේ වන විට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිලිනි රාජපක්ෂ (අවුරුදු 16 න් පහළ බාලිකා දුර පැනීම – මීටර් 5.80), කොළඹ විශාකා විද්‍යාලයේ දිල්කි කරුණාරත්න (අවුරුදු 16 න් පහළ බාලිකා යගුලිය දැමීම – මීටර් 11.96), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරුෂ මෙන්ඩිස් (අවුරුදු 18 න් පහළ බාලක උස පැනීම – මීටර් 2.14), නින්දන මහා විද්‍යාලයේ කේ. එච්. ශිහාන් ධදීෂන (අවුරුදු 18 න් පහළ බාලක මීටර් 200 – තත්: 21.69), කඳාන ද මැසිනද් විද්‍යාලයේ එම්. කෞෂාන් තමෙල් (අවුරුදු 20 න් පහළ බාලක මීටර් 200 – තත්: 21.26) , තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ එන්. ජී. සී. එන්. නිම්සර (අවුරුදු 16 න් පහළ බාලක තුන් පිම්ම – මීටර් 14.15), අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක (අවුරුදු 20 න් පහළ බාලක මීටර් 400 කඩුළු මතින් දිවීම – තත්: 51.53), බෙන්තොට
ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ රන්දීප රණතුංග (අවුරුදු 16 න් පහළ බාලක මීටර් 300 කඩුළු මතින් දිවීම – තත්: 40.27), පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ඩිල්කි නෙහාරා (අවුරුදු 18 න් පහළ බාලිකා තුන් පිම්ම – මීටර් 12.19), ඩබ්ලිව්. ජේ. රන්හිඳ අල්විස් (අවුරුදු 20 න් පහළ බාලක යගුලිය දැමීම – මීටර් 16.69), ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. කේ. ඔසඳ (අවුරුදු 16 න් පහළ බාලක මීටර් 100 කඩුළු මතින් දිවීම- තත්: 13.62 ), කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ එස්. ත්‍රිභාෂිත් (අවුරුදු 16 න් පහළ බාලක උස පැනීම – මීටර් 1.95 ), ගාල්ල පිටදෙනිය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ජී. චතුර සම්පත් (අවුරුදු 18 න් පහළ බාලක මීටර් 10.000 තරග ඇවිදීම -මි.52.21.22), මාතර රාහුල විද්‍යාලයේ එච්. එම්. එන්. විල්ලද්දර (අවුරුදු 18 න් පහළ බාලක මීටර් 800 – මි.1.58.92), ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ එම්. ජී. ටී. අභිෂේකා (අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් 800 – මි.2.11.06),
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ තුෂේන් සිල්වා (අවුරුදු 20 න් පහළ බාලක රිටි පැනීම – මීටර්. 4.81) නව තරග වාර්තා බිහි කිරීමට සමත් වූහ. එමෙන්ම පැවති තරග වාර්තාව සම කිරීමට ශ්‍රී ලක් ක්‍රීඩා සමාජයේ කවීෂ බණ්ඩාර (අවුරුදු 23 න් පහළ පිරිමි මීටර් 110 කඩුළු මතින් දිවීම- තත්: 14.15)ට හැකියාව ලැබිණි. මෙවර තරගාවලියේ සමාප්තිය අද (16දා) සවස සිදු කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර