නව වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ පෙරවරුවේ මහවැලි අධිකාරි ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී වැඩ බාර ගන්නා ලදි. පත්වීම බාර ගැනීමෙන් අනතුරුව එම ලිපිය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා වෙත බාර දෙන ලදී. මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
|