නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනා සමගි ජන බල පක්ෂය ගොඩනගන සන්ධානය සමග ගිවිසුම්ගතවීම අද පෙරවරුවේ සිදුවිය. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී අද පෙරවරුවේ ඒ සඳහා පැවැති උත්සවයේදී මෙම ගිවිසුම්ගතවීම සිදුවිය.මෙලෙස ගිවිසුම් අත්සන් කළේ මහාචාර්ය ජී.එල් පීරිස්,ඩිලාන් පෙරේරා,නාලක ගොඩහේවා,වසන්ත යාපා අබේවර්ධන,කේ.පී. කුමාරසිරි සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන්ය.
|