නව සන්ධානයකට මහාචාර්ය ජීඑල් සහ වෙල්ගම හමුවෙති

93


නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රී පවත්වා ඇත.
මහාචාර්යය ජී.එල් පිරිස් මහතාගේ නිවසේ දී එම සාකච්ඡාව පවත්වා තිබේ.
වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment