නාගපට්ටන සිට කන්කසන්තුරේ දක්වා ගමන් ඇරඹි ‘ශිව ගංගී’

581

ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කසන්තුරේ වරාය දක්වා “ශිව ගංගී නැව් සේවාවෙන්” ඉන්දියාවේ සිට මගීන් 47 දෙනෙකු පැමිණීමත් සමගම එම මගී නැව් සේවාව ඉකුත් (16)දා යළි ආරම්භ විය.

2023 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම මගී නැව් සේවාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට නැව් සමාගමට සිදු විය. මුලින්ම මෙම නැව් සේවාව “චෙරියපානී” නැමති සමාගම විසින් පවත්වා ගෙන ගිය අතර මෙවර එම සේවාවන් ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ ‘ශිවගංගී’ නැව් සේවාවයි.

නාගපට්ටන සිට කන්කසන්තුරේ දක්වා ගමන් ඇරඹි ‘ශිව ගංගී’

නව නැව් සේවාව යටතේ ඉන්දියාව හා කනකසන්තුරේ අතර තනි ගමනකට ගාස්තුව රුපියල් 16500 ක් වන අතර යෑමට හා ඒමට ගාස්තුව රුපියල් 34400 කි.

මෙම මගී නෞකාවේ සාමාන්‍ය පන්තියේ ආසන 133 ක් හා අති සුඛෝපභෝගී ආසන 27 ක් වෙයි.

ඉන්දියාවේ සිට කන්කසන්තුරයට ආරම්භක දිනයේ පැමිණි ශිවගංගී නෞකාව මගීන් 56 ක් රැගෙන එදිනම ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම නැව් සේවාව ඉරිදා දිනවල හැර සතියේ අනෙක් සෑම දිනයකදීම ක්‍රියාත්මක වෙයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment