නාගරික සංවර්ධන අධිකාරියට යටවූ මුතුරාජවෙල ජෛව වටිනාකම

204

නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් රජය විනාශ කිරීමට සැලැසුම් කරන්නේ සුවිශේෂී තෙත් බිම් සංකීර්ණයකි. මුතුරාජවෙල වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙල වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඬුගම් ඔය ඇතුළු තෙත් බිම් ගණනාවකින් මෙම පද්ධතිය සමන්විත ය. මේ නිසා ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂවල ප‍්‍රධාන බෝවීමේ ප‍්‍රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්‍ය විශේෂවල පැවැත්ම මෙන්ම සුළුපන්න ධීවරයින්ගේ පැවැත්ම ද මෙම තෙත් බිම මත රඳා පවතී.

නාගරික සංවර්ධන අධිකාරියට යටවූ මුතුරාජවෙල ජෛව වටිනාකම

දැනට සිදු කර ඇති අධ්‍යයනවලට අනුව ජෛව විද්‍යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පඳුරු වනාන්තර, ගංගාශ‍්‍රීත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාලවල දී ලවණ ජලයෙන් පිරී යෑම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධතිවලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ. මෙම විවිධ වූ පරිසර පද්ධතිවල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ.

නාගරික සංවර්ධන අධිකාරියට යටවූ මුතුරාජවෙල ජෛව වටිනාකම

අති විශාල සත්ත්ව ප‍්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ සමනලූන්, බත්කූරන්, මත්ස්‍යයන්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ. පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙල තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක‍්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක‍්‍රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක‍්‍රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (Glossy Ibis), දම් පිළිහුඩුවා (Black – capped Purple Kingfisher) හා පළඟැටි හම්බු කුරුල්ලා (Pallas`s Grasshopper Warbler)
  වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි. මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් සමාගමක අවශ්‍යතා මත විනාශ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ඉඩදිය යුතු නැත.

 x රැුම්සාර් සම්මුතිය උල්ලංඝනය කිරීම

නාගරික සංවර්ධන අධිකාරියට යටවූ මුතුරාජවෙල ජෛව වටිනාකම


මුතුරාජවෙල රැුම්සාර් තෙත් බිමක් ලෙස නම් කර නොතිබුණ ද 1971 වසරේ දී ඉරානයේ රැුම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප‍්‍රඥප්තියට 1987 වසරේ ශ‍්‍රී ලංකාව අත්සන් තබන ලද අතර 1990 ඔක්තෝබර් මස 15 වන දින සිට එය බලාත්මක වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැුම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා 2018 වසරේ දී කොළඹ රැම්සාර් තෙත් බිම් නගරය ලෙස රටේ ප‍්‍රධාන වාණිජ නගරය ජාත්‍යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප අන්තර්ජාතිකව ද බැඳී සිටී.

 1990 ජුනි 15 වන දින ලංකාවේ ප‍්‍රථම රැුම්සාර් තෙත් බිම ලෙස දකුණු පළාතේ බුන්දල ජාතික වනෝද්‍යානය (6210 ha) නම් කරන ලදී. ලංකාවේ දෙවන රැුම්සාර් තෙත් බිම වයඹ පළාතේ ආනවිලූන්දාව අභය භූමිය (1397 ha) යි. එය 2001 අගෝස්තු මස 03 වන දින ප‍්‍රකාශයට පත් කළ අතර, දකුණු පළාතේ මාදුගඟ අභය භූමිය (915 ha) 2003 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තුන් වන රැම්සාර් තෙත් බිම ලෙස නම් කරන ලදී. ලංකාවේ සිවු වන රැම්සාර් තෙත් බිම ලෙස 2010 ජූලි 12 වන දින මන්නාරම දිස්ත‍්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය (4839 ha) ද ලංකාවේ පස් වන රැුම්සාර් තෙත් බිම ලෙස අම්පාර දිස්ත‍්‍රික්කයේ කුමන ජාතික වනෝද්‍යානය (19011 ha) 2010 ඔක්තෝබර් 29 වන දින ප‍්‍රකාශයට පත් කර ඇත. 2012 පෙබරවාරි 2 වන දින ලංකාවේ රැුම්සාර් තෙත් බිම් අතරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද (165,800 ha) එක් විය. ඒ අනුව ලංකාවේ හෙක්ටයාර් 198,172 ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් පිහිටා ඇති අතර එය ලෝකයේ සමස්ත රැුම්සාර් තෙත් බිම් අතුරින් 1% ක ප‍්‍රමාණයකි. කුඩා දිවයිනක් වන අප රට මෙවන් තත්ත්වයකට පත් වීම පිළිබඳ ව අප ආඩම්බර විය යුතු අතර ම ඒවා සංරක්ෂණය සඳහා ද සැබෑ දායකත්වයක් ලබාදිය යුතු ය.

නාගරික සංවර්ධන අධිකාරියට යටවූ මුතුරාජවෙල ජෛව වටිනාකම


* ක‍්‍රියාත්මක කළ යුතු මුතුරාජවෙල සංරක්ෂණ සැලැසුම

නාගරික සංවර්ධන අධිකාරියට යටවූ මුතුරාජවෙල ජෛව වටිනාකම

මීගමුව කලපුව හා මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය කළ යුතු වන්නේ සමස්ත පද්ධතියක් ලෙස ය. ගංවතුර පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, සුළුපන්න ධීවරයන්ගේ සුරක්ෂිතතාව, තෙත් බිම අවට ජීවත් වන ජනතාවගේ යහපත් දිවි පැවැත්ම රැුඳී ඇත්තේ මෙම සමස්ත තෙත් බිම් පද්ධතිය මත ය. එය විනාශ කිරීමට සමාගම්වලට හෝ කිසිදු රාජ්‍ය ආයතනයකට අයිතියක් නොමැත. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. මේ අනුව කිසිදු රාජ්‍ය ආයතනයකට සමාගමක වුවමනාවන් වෙනුවෙන් මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීම සඳහා ක‍්‍රියාත්මක වීමට හැකියාවක් නොමැත. එපමණක් නොව රාජ්‍ය ආයතන හෝ සමාගම් විසින් සිදු කරන මුතුරාජවෙල තෙත් බිම් විනාශය නතර කිරීමට මැදිහත් වීමේ බලය සෑම පුරවැසියකුට ම ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ* උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමේ සියලූ ම විනාශකාරී ක‍්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය අප වෙත ලබා දී ඇත. එම බලය භාවිත කර සංවර්ධනයේ නාමයෙන් ජනාධිපතිවරයා විසින් මුතුරාජවෙල විනාශ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය.

 * සජීව චාමිකර

advertistmentadvertistment
advertistmentadvertistment