නාගරික සිහිනය…. සියවසක සටහන් – 39

311

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැුදීම් සහ වැරැුදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ නාගරික කම්කරු විප්ලවය පිළිබඳ අදහස බිඳවැටුණු ආකාරය ගැනයි.


කු ඕ-මින්-තං පාර්ශ්වකරුවන් අතර ඇතිවෙච්ච ”මැද තැනිතලාවේ යුද්ධය’’ 1930 නොවැම්බර් මාසය වෙද්දි අවසන් වුණා. චීනයේ අසහාය නායකයා බවට පත්වීම සඳහා චියං කායි-ෂෙක් විසින් ආරම්භ කරලා තිබුණු ගමනට එල්ලවුණු දැවැන්තම අභ්‍යන්තර විරෝධයත් ඒත් එක්කම අඩපණ වුණා. චියං කායි-ෂෙක් විරෝධී හවුල බිඳ වැටුණත් ඒ වෙනුවෙන් එකතු වෙච්ච අයගේ පළාත් තවදුරටත් ඒ අය විසින්ම පාලනය කළා. ඒත් ඒ හැම කෙනෙක්ටම චියං කායි-ෂෙක්ගේ නායකත්වය පිළිගන්නවා හැරෙන්න වෙනත් විකල්පයක් තිබුණේ නෑ. ඒ අය නැත්තටම නැති කරලා දාන්න පුළුවන්කමක් චියං කායි-ෂෙක්ට තිබුණෙත් නෑ. පළාත්වල බලය තහවුරු කරගත්ත විවිධ හමුදා නායකයන්ගේ පැවැත්ම පිළිගන්න අතරම චියං කායි-ෂෙක්ට අවනත තනි කු ඕ-මින්-තං ආණ්ඩුවක පාලනයකට චීනය නතුවුණා.

 කු ඕ-මින්-තං අභ්‍යන්තර අරගලය මහා යුද්ධයක් බවට පත්වෙලා තිබුණු ඒ කාලය තුළ රතු හමුදාවල බලය තව තවත් වැඩි කරගන්න අවස්ථාවක් තිබුණත් පොදු නිෂ්පාදන පක්‍ෂයේ නායකත්වය කැපවෙලා හිටියේ වෙනත් අරමුණක් වෙනුවෙන්. ප‍්‍රංශ විප්ලවයත්, රුසියානු විප්ලවයත් සිද්දවුනේ නාගරික නැ`ගිටීම් හරහා හින්දා චීන විප්ලවයත් ඒ විදිහටම සිද්දවෙන්න ඕන කියලා ෂං-හයි නගරයේ හිටිය හුඟක් නායකයෝ හිතුවා. ඈත පිටිසර ගම්මානවල, කඳුකර ප‍්‍රදේශවල බලය තහවුරු කරගෙන විප්ලවය කරන්න පුළුවන් කියලා ඒ අය පිළිගත්තේ නෑ.

නාගරික සිහිනය.... සියවසක සටහන් - 39

පක්‍ෂයේ මහ ලේකම් තනතුරට පත්වෙලා හිටිය ශියං චුං-ෆා කියන්නේ නාගරික කම්කරු නායකයෙක්. මාක්ස්වාදී න්‍යාය ධර්මවල හැටියට, සෝවියට් දේශයෙන් සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් කියලා දීපු පාඩම්වල හැටියට විප්ලවය කරන්න ඕන කම්කරුවොත් එක්ක. එහෙම නැතුව ගොවියොත් එක්ක පිටිසර පළාත්වල කරන්න පුළුවන් විප්ලවයක් ගැන කිසිම පොතක තිබුණේ නෑ. මේ මතය තදින්ම පිළිගත්ත නායකයෝ අතර ඉස්සරහින්ම හිටියේ ලී ලී-සන්. ඔහු 1922 අවුරුද්දේ මෙහෙයවපු අන්-යුවන් මහා වැඩවර්ජනයට නායකත්වය දීපු කෙනෙක්. (මේ ලිපි මාලාවේ 10 සහ 11 කොටස්වලින් ඔහු ගැන කියලා තියෙනවා). ඒ හින්දා කම්කරු පංතියේ මහා විප්ලවය ගැන සිහිනය ඔහුටත් තිබුණා. ඒ වගේම, විප්ලවය කරන්න ඕන නගරයේ කියන එකත් ඔහු තදින්ම අවධාරණය කළා.

 ඒත් මේ වෙද්දි මා ඕ ත්ස-තුං විසින් වර්ධනය කරමින් ඊට හාත්පසින්ම වෙනස් අදහසක්. ඔහු විශ්වාස කරපු විදිහට මුලින්ම කරන්න ඕන ගම්බද ප‍්‍රදේශවල බලවත් වෙන එක. පිටිසර ප‍්‍රදේශවල හමුදා මූල කඳවුරු හදලා, ඒ ප‍්‍රදේශවල ජනතාව දිනාගෙන, ඒ අයගේ සහභාගිත්වයෙන් තමන්ගේ බලය ශක්තිමත් කරගෙන අවසානයට නගරයේ බලය අල්ලාගත යුතු බව ඔහු කිව්වා. ”ගම්වලින් නගර වැටලීම’’ කියන නමින් තමයි මේ විප්ලවීය න්‍යාය ප‍්‍රසිද්ධ වුණේ.

 කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් 1929 ඔක්තෝබර් 26 දාතමින් චීන පොදු නිෂ්පාදන පක්‍ෂයට එවපු ලිපියෙන් නාගරික විප්ලවයට තල්ලූවක් ලැබුණා. ”චීනය මහා ජාතික අර්බුදයකට අවතීර්ණ වෙලා ඉන්නවා’’ කියලා ඒ ලිපිය ලියපු අය නිරීක්‍ෂණය කරලා තිබුණා. කු ඕ-මින්-තං පාර්ශ්වය තුළ පුපුරා යෑමට පටන්ගත්ත අභ්‍යන්තර ආරවුල දැකීමෙන් තමයි විප්ලවීය නැ`ගිටීමකට අවස්ථාව සැළසිලා තියෙනවා කියලා කොමියුනිස්ට් ජාත්‍යන්තරය නිගමනය කළේ. ඉතින් මහා නැ`ගිටීමකට ජනතාව පෙළැඹවිය යුතු බව ඒ අය දැන්නුවා.

 මේ මහා විප්ලවයට අදාළ අවසාන තීන්දුව ගත්තේ 1930 ජනවාරි 11 වැනි රැුස්වුණු පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ දී. රට මහා ජාතික අර්බුදයකට අවතීර්ණ වෙලා ඉන්න නිසා අවසාන නැ`ගිටීමට අවස්ථාව උදාවෙලා තියෙනවා කියලා ඒ අය අවධාරණය කළා. චීනයේ විප්ලවය සාර්ථක

 කරගැනීමෙන් ලෝක විප්ලවයත් කරන්න පුළුවන් කියලත් ඒ තීන්දුවෙන් කියැවුණා. ඉතින් මේ කාරණයට අදාළ උපදෙස් රට පුරාම පතුරුවන්න ඒ අය කටයුතු කළා.

 ඒත් බලාපොරොත්තු වෙච්ච ආකාරයේ පෙරැුළියක්, ජනතා නැ`ගිටීමක් ඇතිවුණේ නෑ. 1928 වෙද්දි පොදු නිෂ්පාදන පක්‍ෂ සාමාජිකයෝ අතරින් හතරෙන් තුනක්ම ගොවියෝ. ඊට කලින් අවුරුද්දේ චියං කායි-ෂෙක් සහ වං චිං-වෙයි විසින් දියත් කරපු මර්දනය හින්දා නාගරික සාමාජිකත්වය පුදුමාකාර විදිහට අඩුවුණා. ඒ ධවල භීෂණයට ගොදුරුවෙලා ලක්‍ෂ තුනකට වැඩි ක‍්‍රියාකාරීන් පිරිසක් මියගියා. මේ වාතාවරණය යටතේ පොදු නිෂ්පාදන පක්‍ෂයට සම්බන්ධ වෙලා වැඩකරන්න නාගරික පිරිස් අදිමදි කළා. ඉතින් පක්‍ෂයට ලැදි කම්කරු පිරිස පවා අඩුවෙන්න පටන්ගත්තා. පක්‍ෂයට අනුබද්ධ ෂං-හයි නුවර වෘත්තීය සමිතිවල කලින් තුන්දාහකට වැඩි සාමාජික පිරිසක් හිටියත් 1930 වෙද්දි ඒ ප‍්‍රමාණය හත්සීයක් දක්වා අඩුවුණා.

 රට පුරාම නාගරික මට්ටමින් ඇතිවෙලා තිබුණේ මෙහෙම තත්ත්වයක්. කලින් සමස්තයක් විදිහට පක්‍ෂයේ කම්කරු සාමාජිකත්වය සියයට 66 ක් නියෝජනය කළත් ඇතිවෙච්ච පෙරැළිත් එක්ක ඒක සියයට 8 දක්වා අඩුවුණා. ඒ වගේ වාතාවරණයක් ඇතුළේ නාගරික නැ`ගිටීම් සංවිධානය කරන්න බෑ. ඉතින් ඒ නගරවල හිටිය නායකයන්ට පක්‍ෂයේ උපදෙස් ක‍්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ගොවියොත් එක්ක එකතුවෙලා පිටිසර පළාත්වල කරන්න පුළුවන් විප්ලවයක් ගැන මාක්ස්වාදයෙන් කියලා නෑ. සමාජවාදී විප්ලවය කරන්න ඕන කම්කරුවොත් එක්ක. කම්කරුවෝ තමයි විප්ලවයේ තීරක බලවේගය. ඒ අය ඉන්නේ නාගරික ප‍්‍රදේශවල. ඉතින් විප්ලවය කරන්න ඕනත් නාගරික ප‍්‍රදේශවල.

 ”ගොවියෝ කියන්නේ සුළු ධනේශ්වරයේ නියෝජනයක්. ඒ අයට සමාජවාදය ගැන නිවැරැුදි අදහසක් ඇති කරගන්න බෑට් ලී ලී-සන් අවධාරණය කළා. ඒ හින්දා පක්‍ෂයේ ප‍්‍රධානම අවධානය යොමුවෙන්න ඕන නාගරික කම්කරුවන්ට කියලා ඔහු පෙන්නලා දුන්නා. මා ඕ ත්ස-තුං කිව්වේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. චීනයේ ඉන්න අතිමහත් බහුතරය ගොවියන් බවත්, ගොවියන් පීඩිත පංතිය නියෝජනය කරන බවත්,

 නිවැරැුදි දේශපාලනික අධ්‍යාපනයකින් ගොවියන්ට සමාජවාදය ගැන කියලා දෙන්න පුළුවන් බවත් ඔහු කිව්වා.

 නාගරික ප‍්‍රදේශවල පක්‍ෂ සංවිධාන ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව ලී ලී-සන් නොදැන හිටියා නෙවෙයි. 1929 පෙබරවාරි මාසයේ මා ඕ ත්ස-තුංට ලියපු ලිපියකින් ඔහු මේ ගැන කියලා තිබුණා. ඔහුට ඒ ගැන තිබුණේ විශාල කම්පාවක්. ඒත් ඔහු විශ්වාස කරපු මාක්ස්වාදය ඇතුළේ ඒ ඇත්ත පිළිගන්න ඉඩක් තිබුණේ නෑ. 1930 මැයි මාසයේ දී ”මැද තැනිතලාවේ යුද්ධය’’ පුපුරායෑමත් එක්ක ඔහු ඇතුළු පිරිස තව තවත් කලබල වුණා. ජුනි 11 වැනි දා පවත්වපු මධ්‍යම කාරක සභා රැුස්වීමේ මූලාසනය දැරුවෙත් ලී ලී-සන්. පක්‍ෂයේ කටයුතු ගැන කොමියුනිස්ට් ජාත්‍යන්තරයට වාර්තා කරන්න චෝ අන්-ලයි සෝවියට් දේශයට ගිහින් හිටියා. ඉතින් පුළුවන් ඉක්මනින් නාගරික විප්ලවය කරන්න ඕන කියන අදහස නැවත වතාවක් මධ්‍යම කාරක සභාවෙන් තහවුරු වුණා.

 පිටිසරබද ප‍්‍රදේශවල සෝවියට් ආණ්ඩු හදන වැඬේ නවත්තලා රතු හමුදාවේ සියලූ බලය මේ විප්ලවයට යොමු කළ යුතුයි කියලා අවසාන උපදෙස් මධ්‍යම කාරක සභාවෙන් නිකුත් කෙරුණා. කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් නැවත නැවතත් ලැබුණු උපදෙස් පවා මේ තීරණයට බලපෑවා. 1929 අවසානයේ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ බිඳවැටීමත් ඒත් එක්කම මහා අවධමනකාරී තත්ත්වයක් වර්ධනයවීමත් හින්දා ධනපති ක‍්‍රමය විශාල අර්බුදයකට මුහුණපාලා තියෙනවා කියලා ස්ටාලින් පවා කිව්වා. ලෝක මට්ටමිනුත් ධනපති ක‍්‍රමය බිඳවැටිලා. චීනයේ අභ්‍යන්තරයෙත් පාලකයෝ යුද්ධයකට පැටලිලා. ඉතින් තවත් බලාගෙන ඉන්නේ ඇයි?

 මේ විප්ලවය වෙනුවෙන් රතු හමුදාව මුළුමනින්ම මධ්‍යම කාරක සභාවේ සෘජු පාලනයට නතුවිය යුතු බව ලී ලී-සන් කිව්වා. ඒ වෙනුවෙන් පෙරමුණු කමිටුවකුත් පිහිටෙව්වා. ඒ වගේම, පෙරමුණු කමිටුවේ මෙහෙයුම් රාජකාරි සඳහා ෂං-හයි නුවරට එන්න කියලා නැවත වතාවක් මා ඕ ත්ස-තුංට සහ චූ ත සෙනෙවියාට දැනුම් දුන්නා. රතු හමුදාවේ පාලනය චූ – මා ඕ දෙන්නාගෙන් අයින් කරලා මධ්‍යම කාරක සභාවේ අභිමතය පරිදි ඒ බලය නාගරික විප්ලවයට යෙදවීම තමයි ලී ලී-සන්ගේ අරමුණ වුණේ. ඒ අදහසට එකඟ නොවුණු චූ – මා ඕ දෙන්නා තවදුරටත් රතු හමුදාවත් එක්කම රැඳිලා හිටියා.

 ඒත් ඡං-ෂා නගරයට සහ නන්-ඡං නගරයට පහරදෙන්න කියලා මධ්‍යම කාරක සභාව දීපු උපදෙස් නොතකා ඉන්න පුළුවන්කමක් රතු හමුදාවට තිබුණේ නෑ. ඒ වෙනුවෙන් මුලින්ම ඉස්සරහට ගියේ චිං-කං කන්ද ප‍්‍රදේශයේ බලවත් වෙලා හිටිය පං ත-හුවයිගේ හමුදාව. ”මැද තැනිතලාවේ යුද්ධය’’ වෙනුවෙන් කැපවෙලා හිටිය හින්දා ඡං-ෂා නගරයේ හතුරු බලයත් හීනවෙලා තිබුණා. පං ත-හුවයි කියන්නේ ඡං-ෂා නගරය ගැන හොඳින්ම දන්න සෙනෙවියෙක්. ඉතින් 1930 ජුලි 29 වැනිදා පං ත-හුවයිගේ හමුදා ඡං-ෂා නගරය අල්ලාගත්තා. ඒ තමයි පොදු නිෂ්පාදන පක්‍ෂය විසින් ප‍්‍රධාන නගරයක බලය අල්ලාගත්ත මුල්ම අවස්ථාව.

 ඡං-ෂා නගරයේ සෝවියට් ආණ්ඩුවක් පිහිටුවපු පං ත-හුවයි සෙනෙවියා එහි සභාපති තනතුරට ලී ලී-සන්ව පත්කළා. හැබැයි ඒ වෙද්දිත් ලී ලී-සන් හිටියේ ෂං-හයි නගරයේ. මෙහෙම මහා පෙරැුළියක් වුණත් නාගරික මිනිස්සු ඒකට දායකවුණේ නෑ. වෙච්ච වෙනස නරඹනවා ඇරෙන්න වෙනත් ඕනකමක් ඒ අයට තිබුණේ නෑ. ඡං-ෂා නගරයේ විදේශ පරවේණිත් ඒ අයගේ ව්‍යාපාරත් තිබුණා. ඉතින් ජුලි 30 වැනිදා වෙද්දිම බි‍්‍රතාන්‍යය, ඇමෙරිකන්, ඉතාලි, ජපන් යුද නැව් ෂියං ගඟ දිගේ යාත‍්‍රා කරලා ඡං-ෂා නගරයට ආවා. ඒ අයගේ කාලතුවක්කු ප‍්‍රහාර මැද්දේ තවදුරටත් නගරයේ රැඳිලා ඉන්න පුළුවන්කමක් රතු හමුදාවට තිබුණේ නෑ. ඉතින්  අගෝස්තු 3 වැනි වෙද්දි නගරය අත ඇරලා පහුබහින්න පං ත-හුවයි සෙනෙවියාට සිද්දවුණා.

 චූ – මා ඕ දෙන්නාට පැවැරිලා තිබුණේ නන්-ඡං නගරයට පහරදීමේ වගකීම. ඒ තමයි චියං-ශි පළාතේ ප‍්‍රධාන නගරය. ඒත් නියෝගය ලැබුණු පමාවෙන් තමන්ගේ සම්පූර්ණ බලයම යොදලා ඒ වැඬේ කරන්න චූ – මා ඕ දෙන්නා කැමැති වුණේ නෑ. ඒ වෙනුවට ඒ අය කළේ කුඩා හමුදා කණ්ඩායම් කීපයක් යවලා ඒ නගරය ආශ‍්‍රිත තත්ත්වය පරීක්‍ෂා කරලා බලන එක. නන්-ඡං නගරයේ තිබුණු හතුරු බලයේ ප‍්‍රමාණය සැලකුවාම එහෙම සටනක් කරන්න බෑ කියලා ඒ කුඩා හමුදා කණ්ඩායම් චූ – මා ඕ දෙන්නාට වාර්තා කළා. ඉතින් නන්-ඡං නගරයට පහර නොදී තමන්ගේ හමුදාව එක්ක හූ-නන් පළාතේ ලියු-යං ප‍්‍රදේශයට යන්න ඒ දෙන්නා කටයුතු කළා.

 ඒ වෙද්දි පං ත-හුවයි සෙනෙවියා ඡං-ෂා නගරයෙන් පහුබැහැලා ඉවරයි. ඉතින් ලියු-යං නගරයේ දී පං ත-හුවයිගේ හමුදාව එක්ක එකතුවෙන්න චූ – මා ඕ රතු හමුදාවට පුළුවන් වුණා. ඉදිරියට කරන්න ඕන දේ ගැන මේ කණ්ඩායම් දෙක ඒ නගරයේ දී සාකච්ඡා කළා. මේ අතර, චියං කායි-ෂෙක්ගේ නායකත්වය යටතේ කටයුතු කරපු හ චියැන් සෙනෙවියාගේ හමුදාවට නැවතත් ඡං-ෂා නගරයේ බලය තහවුරු කරගන්න පුළුවන් වුණා. නගරය ආරක්‍ෂා කරන්න ඕන කරන ආයුධ විශාල ප‍්‍රමාණයකුත් හ චියැන් සෙනෙවියාට ලැබුණා. ඉතින් ඉතාමත් ශක්තිමත් විදිහට නගරයේ ආරක්‍ෂක කටයුතු සූදානම් කරන්න ඔහුට පුළුවන් වුණා.

 මේ වෙනස්කම් දැක දැකත් නැවතත් ඡං-ෂා නගරය අල්ලාගත යුතු බවට පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් නියෝග ලැබුණා. මේ නියෝගය ඉටුකරන්න බැරි බව මා ඕ ත්ස-තුං සහ චූ ත කිව්වා. ඒත් පක්‍ෂයෙන් නියෝග ලැබිලා තියෙද්දි ඒකට පිටුපාන්න බැරි බව පං ත-හුවයි කිව්වා. ඉතින් ඔහුගේ හමුදාව නැවතත් ඡං-ෂා නගරය බලා පිටත්වුණා. සැප්තැම්බර් 1 වැනි දා ඔහුගේ හමුදා නැවතත් ඒ මහා නගරයට පහරදෙන්න පටන්ගත්තා. ඒත් ඒක කරන්න පුළුවන් සටනක් නෙවෙයි. මේ සටන වහාම නැවැත්විය යුතු බව මා ඕ ත්ස-තුං නියෝග කළා. සැප්තැම්බර් 13 වැනිදා ලැබුණු ඒ නියෝගය පිළිගන්නවා ඇරෙන්න වෙනත් විකල්පයක් පං ත-හුවයිට තිබුණේ නෑ.

 ඉතින් මධ්‍යම කාරක සභාවේ නාගරික සිහිනය එතැනින් අවසන් වුණා. මේ ක‍්‍රමය පක්‍ෂ ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ ”ලී-සන් පාර’’ කියලා.

 ඡං-ෂා නගරයේ බලය තහවුරු කරගත්ත හ චියැන් සෙනෙවියාට මේ දවස්වලම ඉතා වැදගත් ඔත්තුවක් ලැබුණා. ඒ ඔත්තුවෙන් හෙළිදරව් වුණේ මා ඕ ත්ස-තුංගේ බිරිඳ (යං කැයි-හුයි) සැඟවී සිටින තැන. ඉතින් තමන්ගේ පිරිස යවලා ඇයව අත්අඩංගුවට ගන්න හ චියැන් කටයුතු කළා. මා ඕ ත්ස-තුං සහ පොදු නිෂ්පාදන පක්‍ෂයේ සාමාජිකත්වය අත්හරින්න කියලා හ චියැන් ඇයට බල කළා. ඒත් යං කැයි-හුයි ඒ බලකිරීමට යටත්වුණේ නෑ. ඉතින් හ චියැන් සෙනෙවියාගේ නියෝග පිට 1930 නොවැම්බර් 14 වැනි දා යං කැයි-හුයි මරා දමනු ලැබුවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment