නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නව ලොව ජයගන්න ‘ප්‍රායෝගික’ දැනුමට මුල් තැනක් දෙනවා – ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි

64

ඒ පිළිබඳව කරුණු දැක්වූ චන්දිම හිමියන්, බොහෝ ආයතන න්‍යයාත්මක අධ්‍යාපනයට වැඩි ඉඩ කඩක් ලබා දෙන නමුත් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනය ප්‍රායෝගික අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දෙනු ලබනවා. මෙය පීඨ 3 කින් සමන්විත වන අතර බෞද්ධ අධ්‍යයන පීඨය, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය වසර 3කින්ද, එම විශේෂ උපාධිය වසර 4කින්ද අවසන් කළ හැකි වෙනවා.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයෙන්, මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව, ව්‍යවහාරික පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව, මෙන්ම ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව ද හැදෑරීමට හැකි වෙනවා. එමෙන්ම වෘත්තිකයන් සඳහා ඉංග්‍රීසි භාෂා කුසලතා පුහුණු ඩිප්ලෝමා, සංස්කෘතික පුරාවිද්‍යා සහ චීන භාෂා ඩිප්ලෝමා පාඨමාලාවන්ද, කොරියානු හා ජපන් භාෂා සහතික පත්‍ර පාඨමාලාවන්ද,

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ගොවිතැන පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමාවද, සංවර්ධනය සඳහා සන්නිවේදනය, සංචාරක හා අවස්ථා කළමනාකරණ යන ඩිප්ලෝමා පාඨමාලාවන්ද හැදෑරීමට පහසුකම් ලබා දී තිබෙනවා. පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ මෙහෙයවීමෙන්, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවද දර්ශනපති හා දර්ශන විශාරද යන පර්යේෂණ උපාධි අධ්‍යයන කටයුතුද මෙම පීඨය මගින් මෙහෙයවනු ලබනවා. මෙම පීඨයේ දේශීය සිසුන් මෙන්ම විදේශීය සිසුන් විශාල ප්‍රමාණයක් මෙම පර්යේෂණ උපාධි හැදෑරීමට එක්ව සිටිනවා.

මෙයට අමතරව තොරතුරු තාක්ෂණ අධ්‍යයන ආයතනය මගින්, තොරතුරු තාක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාවද හැදෑරීමේ පහසුකම් සලසා තිබෙනවා.

ප්‍රවීණ මහාචාර්ය, ආචාර්ය, කථිකාචාර්යවරුන් ගෙන් සමන්විත අධ්‍යයන කාර්ය මණ්ඩලයක් මෙන්ම නවීන පහසුකම්වලින් සමන්විත දේශන ශාලා පුස්තකාල, නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්ද ඇති කර තිබෙනවා. එමෙන්ම දේශීය හා විදේශීය සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර පහසුකම්ද සලසා තිබෙනවා.

1978 අංක 16 දරණ ගැසට් නිවේදනය මගින් මෙම ආයතනය උපාධි පිරිනැමීම සඳහා රජය විසින් අවසර ලත් ආයතනයකි.

මෙම අවස්ථාවට ආචාර්ය සේනක සෙනෙවිරත්න, මහාචාර්ය සුමනදාස ගල්මංගොඩ, ජගත් සුමතිපාල (අධ්‍යක්ෂ), එච්.එම්.එන්.සී. හේරත් (ලේඛකාධිකාරී) සහ ලසිත කෝදාගොඩ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment