නාඩගම් සම්ප‍්‍රදාය අද අභාවයට යනවා

79

අද මද්දලය වාදන ශිල්පියෙක්

කතාබහ- – මහේන්ද්‍ර ගුණසිංහ

 * ආරම්භය

 මගේ ගම බලපිටිය අම්පේ ප‍්‍රදේශයේ. මුලින්ම කියන්න ඕන” මගේ කතාවෙ මුලින්ම ඉන්නෙ චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ හෙවත් මගේ සීයා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා 1956 වසරේදි ‘මනමේ. නාට්‍ය පටන් ගත්තේ අපේ සීයත් එක්ක එකතු වෙලා. ඒ මම ඉපදුන අවුරුද්ද. ඔවුන්ගේ හමුවීම සිදුවෙලා තියෙන්නෙ මෙහෙමයි.

 අපේ සීයා නාඩගම් සම්ප‍්‍රදායේ රූකඩ නාට්‍යයක් වන ‘ඇහැලේපොල

 නාඩගම. කොළඹ ප‍්‍රදර්ශනය කරද්දි ඒක බලන්න සරච්චන්ද්‍ර මහත්මයාත් ඇවිත් තියෙනව. ඒ මොහොතෙ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගෙ ගීතය අපේ සීයා ගායනා කරද්දි සරච්චන්ද්‍ර මහත්මයා හොඳින් අහගෙන ඉඳලා” මේ තමයි මම හොයපු කෙනා කියල හිතල අපේ සීයට කතාකරල තියෙනව. ඒ ඇතිවුණ හිතවත්කමත් එක්ක ‘මනමේ. නාට්‍යය ගොඩනගන්න අපේ සීයාගෙන් බොහෝ උපදෙස් අරගෙන තියෙනව.

 එහි මුල්ම කණ්ඩායම වුණේ බෙන් සිරිමාන්න (මනමේ කුමාරයා)” එඞ්මන් විජේසිංහ (වැදි රජු)” ලයනල් ප‍්‍රනාන්දු (වැදි දෙටු)” ටි‍්‍රලීෂියා ගුණවර්ධන (මනමේ කුමරිය)” ෂාමන් ජයසිංහ (පොතේ ගුරු) මේ සියලූ දෙනා පුහුණු කළේ මගේ සීයා.

 * උරුමය

 චාර්ලිස් ගුරුන්නාන්සේට පුතුන් හතර දෙනෙක් හිටියා. ඒ අතරින් මගේ තාත්තා සහ බාප්පා පමණයි කලා කටයුතු වලට සම්බන්ධ වුණේ. ‘දික්තල කාලෙගෝල. යාට්‍යය මගේ බාප්පාගේ නිර්මාණයක්. ‘සපුමල් සහ පත්ම මාලා. යන නාට්‍යයන් වල සංගීතය” නැටුම් සහ ගී තනු නිර්මාණය කළේ මගේ තාත්තා. ඔහු බලපිටිය ගුරු විද්‍යාලයේ උපදේශකවරයකු හැටියට කටයුතු කළා. දැනට මම සහ මගේ මල්ලී නන්දන ගුණසිංහ ඒ උරුමය ඉදිරියට අරගෙන යනවා.

නාඩගම් සම්ප‍්‍රදාය අද අභාවයට යනවා



 * වේදිකාවට

 1973 පෙබරවාරි මස 01 වැනිදා මගේ තාත්තාට ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ වැඩ භාරගන්න කියන ලිපිය ලැබෙනව. නමුත් අවාසනාවකට පෙබරවාරි මාසයේ 28 වැනිදා ඔහු දිවි ගමන නිමාකරනව. ඒ වෙනකොට මට අවුරුදු දහසයයි. 1974 වසරේදී මනමේ නාට්‍යයේ දෙවැනි කණ්ඩායමේ වැඩ ආරම්භ වෙනව. මෙහි ශිල්පීන් වුණේ විජය නන්දසිරි” දේවිකා මිහිරාණි” ධම්ම ජාගොඩ” සුමින්ද සිරිසේන සහ ග‍්‍රැන්විල් රොඞ්රිගෝ යන ශිල්පීන්. මේ කණ්ඩායමට මද්දලය වාදන ශිල්පියෙක් ලෙස එදා මම මුල් වරට එකතු වෙනව.

 * නම වෙනස් කිරීම

 මගේ මුල් නම වුණේ ටර්නල් ගුණසිංහ. මේ නමට බොහෝ දෙනෙක් විහිලූ කරපු අවස්ථාත් තිබුණා. එක දවසක් ගුවන් විදුලි සංස්ථාවේදී

 සරච්චන්ද්‍ර මහත්මයා මගේ තාත්තාගෙන් අහනව නෝමන් අපි කොල්ලගේ නම මහේන්ද්‍ර කියල වෙනස් කරමු නේද කියල. එදා ඉඳන් මගේ නම මහේන්ද්‍ර ගුණසිංහ වුණා.

 * මද්දලය

 දකුණු ඉන්දියාවේ තෙරක්කුත්තු කියන නාට්‍ය සම්ප‍්‍රදායෙදි තමයි මේ වාද්‍ය භාණ්ඩය භාවිතා කළේ. මේකට දෙමළ බෙරය කියලත්” මත් තාලම කියලත් කියනව. මට මටක හැටියට 1956 වසරෙන් පස්සෙ තමයි මද්දලය කියල හැඳින්වූවේ. එදා කතාවක් තිබුණා මද්දලය නැතිනම් නාඩගමක් නැහැ කියල. ඒ තරමටම මේ වාද්‍ය භාණ්ඩය අපේ නාඩගම් සම්ප‍්‍රදාය හා බැඳී පවතිනව. රංගන ශිල්පීන් වේදිකාවට කැන්දන් එන්නෙ හේවිසි කණ්ඩායමකින්. ඒකට භාවිතා කරන්නෙ මද්දලය දෙකක් සහ තාලම්පටක් පමණයි. මේ මද්දලය දෙකෙන් අඩු තාල සහ වැඩි තාල යන දෙවිදිහකට වාදනය කෙරෙනව. ඒ අතරිනුත් ගායනයකදි එකක් සහ නැටුමකදි දෙකම භාවිතා කරනව.

 * දුලබ හැකියාව

 අපේ සීයා මද්දලය වාදනය ඉගෙනගෙන තියෙන්නෙ ඇම්. බස්තියන් හෙවත් හිච්චෝරිස් ගුරුන්නාන්සේගෙන්. මේක පහතරට දවුල්” තම්මැට්ටම” ගැටබෙරය” තබ්ලාව වාදනය කරන අයටවත් වාදනය කරන්න බැහැ. දැනට මම සහ මගේ මල්ලී වගේම අපේ සහෝදරයකුගෙ පුත‍්‍රයෙක්” මගේ ගෝලයන් කිහිප දෙනෙක් පමණයි මද්දලය වාදනය කරන්නෙ.

 * සම්මාන

 1997 වසරේ පැවැත් වූ රූකඩ නාට්‍ය රාජ්‍ය උළෙලේදී විශිෂ්ඨ කුසලතා සම්මානය දිනා ගැනීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම හොරණ ශ‍්‍රීපාලී විද්‍යාලයේදී පැවැත් වූ මීගමුව ¥වේ

 නාඩගම් නැටුම් උත්සවයේදී (ජවුසං නැටුම* සහ ඕස්ටේ‍්‍රලියාවේදී මෙත්තාරා නාට්‍යය වේදිකාගත කිරීමේදීත් මට අගැයීම් සම්මාන හිමි වුණා.

 * විරසකය

 එක දවසක් මම සරච්චන්ද්‍ර මහත්මයාට කිව්වා අනේ සර් පුළුවන්නම් මාව ගුවන්විදුලි සංස්ථාවට දාලා දෙන්න කියල. එතුමා මට කියනව අනේ ළමයෝ මම කියන දේවල් කරන්නෙ නෑනෙ කියල. මේ ගැන මගේ හිතේ ඇති වුණේ ලොක-ු වේදනාවක්. ඒ වගේම කලකිරීමක්. මොකද මම දන්නව හොඳින්ම එතුමාව ඒ හැකියාව තියෙන බව. මගේ සීයා” තාත්තා” මම මේ හැමෝම එතුමාට සේවය කළා. නමුත් අපිට නිසි වැටුපක් ලැබුණෙ නැහැ. ඒ නිසාම අගහිඟකම් බොහොමයක් තිබුණා. මේ කාරණාත් එක්ක මගේ ඉවසීම ඉක්මවලා ගිය තැන මම සරච්චන්ද්‍ර මහත්මයාගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තු කළා. එතුමා ඒ වෙලාවේ ටෙලිපෝන් එක අතට

 අරගෙන ආයෙමත් තිබ්බා. සමහරවිට පොලිසියට කියන්න කලින් මගේ වේදනාව එතුමාට දැණුන නිසා වෙන්න ඇති.

 * සමගි වීම

 එදා ඇති වුණ සිද්ධියෙන් පස්සෙ කාලයක්ම මම එතුමාගේ වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් පසු කාලෙක ‘ලෝමහංස. නාට්‍යය හරහා අපි නැවතත් එකට වැඩකරන්න පටන් ගත්තා. අපි අතර ඇති වුණ හිත් අමනාපය එතුමාගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ. කෘතියේත් සඳහන් කර තිබුණා.

 * ගුවන්විදුලියට

 1957 වසරේදී ගුවන්විදුලි සංස්ථාව මගින් බෙරවාදන පරීක්‍ෂණයක් පැවැත්වුවා. එහිදී විශිෂ්ඨ ලෙස සමත් වෙන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම 1986 වසරේදී නාඩගම් බෙරවාදනය සහ ගායනය පිළිබඳව පැවැත්වූ පරීක්‍ෂණයෙනුත් විශිෂ්ඨ ලෙස සමත් වෙන්නට මට හැකියාව ලැබුණා. ඉන්පසුව 1990 වසරේ මාර්තු 15 වැනිදා සහන වාදකයකු ලෙස මාව බඳවා ගත්තා. ඉන් වසර එකොළහකට පසුව 2001 වසරේදී ස්ථිර වාදකයකු ලෙස ගුවන්විදුලියට මාව බඳවා ගන්නවා.

 දායකත්වය

 මනමේ” සිංහබාහු” රජතුන්කට්ටුව නාඩගම” කටු ඔටුන්න නාඩගම” දික්තල කාලගෝල” මිණිසළඹ” බන්ධන” සහ මෙත්තාරා යන නිර්මාණවලට මගේ දායකත්වය ලබා දුන්නා. මෙත්තාරා නාට්‍යය හරහා ඔස්ටේ‍්‍රලියාවේ සංචාරය කරන්නත් අවස්ථාව උදා වුණා.

 * නාඩගමේ අනාගතය

 නාඩගම් නිර්මාණයක් කියන්නෙ බොහොම සංකීර්ණ දෙයක්. ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම මේ ගැන දන්නා ශිල්පීන් සොයාගැනීම අපහසුයි. මේ කාරණා නිසා නාඩගම් සම්ප‍්‍රදාය වර්තමානයේදී අභාවයට යමින් පවතිනවා.


 මහේෂ් එදිරිසිංහ

 ඡායාරූප–ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

advertistmentadvertistment