නානායක්කාරට කරන දේ මිෂෙල් කියයි – ගයත්‍රි දිසානායක

144

ඇයව අපට අතීතයේ මිල්ලෑව වලව්ව” සිල්ලර සමනල්ලු” මුතුලෙන්දොර” නීල පබළු” කන්තෝරු මෝරු” පිනි වැනි ටෙලි නිර්මාණවලින් දකින්නට ලැබුණා. කොළඹ සන්නිය රිටන්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඇය ප්‍රේක්‍ෂක හදවල්වල නොමැකෙන චරිතයක් බවට ද පත්වුණා. ඇගේ රූපශ්‍රීය ආයෝජනයක් කර ගනිමින් 2019 වසරේ පැවති ඵසි ඔදමරසිප ෂබඑැරබ්එසදබ්ක තරගාවලියේදී ඇය ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නවා. මේ දිනවල පාර දිගේ ටෙලි නාට්‍යයේ මිෂෙල් ලෙසින් ඔබ හමුවට එන ඇය නමින් ගයාත්‍රි දිසානායක.



 ● පාරදිගේ සෙට් එකට එකතු වුණු අලුත්ම චරිතය තමයි මිෂෙල්?

 මේ දවස්වල මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මීට කලින් ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල රඟපාලා තිබුණට මාව ගොඩක් දෙනෙක් අඳුර ගත්තේ මිෂෙල් හින්දා

 ● මිෂෙල්ව හම්බ වුණේ කොහොමද?

 මම මීට කලින් සිනේ ආට් හි ටෙලි නාට්‍යයක රඟපෑවා. එහිදී මට හමුවුණු කැමරා ශිල්පියා තමයි පාර දිගේ ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්‍ෂවරයා වුණේ. පාර දිගේ නාට්‍යයට අලුතින්ම චරිතයක් එකතු කරන්න හදන වෙලාවේ ඔහු තමයි මා ගැන ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයාට” නිෂ්පාදකවරයාට වගේම පිටපත් රචකයාට පවසලා තිබුණේ. ඊට පස්සේ තමයි මට මේ ආරාධනාව ලැබුණේ.

 ● මිෂෙල් මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද?

 පාර දිගේ ටෙලි නාට්‍යය රඟපාන්න කලින් මමත් පාර දිගේ රසිකාවියක්. මම මේ නාට්‍ය මුල ඉඳලා නරඹන අතරේ තමයි රඟපෑමට ආරාධනාවක් ලැබුණේ. පිටපතට අනුව මම හිතුවා මිෂෙල් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වේවි කියලා.

 ● නානායක්කාරට මොකද වෙන්නේ?

 ඒක අපි ඉදිරියට බලමු නේද?. දැන්ම කිව්වොත් අගයක් නැතිවේවි කියලා හිතනවා.

 ● නානායක්කාරට කරන දේවලට බැණුම් අහන්නේ නැතිද?

 බැණුම් අහන්න වෙලා නැහැ. යූ ටියුබ් හි මට ලැබෙන ප්‍රතිචාර සියල්ලම වගේ කියවනවා. එහෙම දේවල් වෙලා නැහැ.

 ● නාලන විතානගේ ‘හෝලා. සිනමාපටය ගැන කතා කළොත්?

 හෝලා හි මම ප්‍රධාන චරිතය තමයි රඟපාන්නේ. වෙනස්ම චිත්‍රපටයක්. ඉදිරියේදී තිරගත වෙනවා.

 ● හෝලා හි අත්දැකීම්?

 වැඩමුළු කිහිපයක් පවත්වලා තමයි රූගතකිරීම් ආරම්භ කළේ. මමත් එක්ක ප්‍රධාන චරිතය රඟපෑ නළුවත් නවකයෙක්. දවස් 15 ක් විතර රූගත කිරීම් කළා.

 ● නිළියක් වීම ගයාත්‍රිගේ හීනයක් ද?

 ඔව්. මම පුංචි කාලේ ඉඳලා නිළියක් වෙන්න හීන මැව්වා. මම මහේන්‍ද්‍ර පෙරේරා සර්ගේ වගේම දමයන්ති ෆොන්සේකා මිස්ගෙන් රංගනය පිළිබඳ හැදෑරීම් සිදුකළා.

 ● රංගනය ගැන මොකද හිතෙන්නේ?

 නිළියක් වීම ගැන ඇත්තටම සතුටුයි. 2017 වසරේ තමයි මම ක්‍ෂේත්‍රයට ආවේ. ඒ කාලය ඇතුළත මම තෝරා බේරාගෙන වැඩ කිහිපයක් කරලා තියෙනවා.

 ● ජනප්‍රියත්වය දැනෙන විදිහ?

 ඕනෑම කෙනෙක් ජනප්‍රියත්වයට කැමතියි වගේම මමත් ජනප්‍රියත්වයට කැමතියි. ජනප්‍රියත්වයට වඩා දක්‍ෂ නිළියක් වෙන්නයි මට වුවමනා.

 ● රංගනයේදී සීමා මායිම් තිබෙනවාද?

 මේ දේ කරන්නේ නැහැ මේ දේ කරනවා කියලා නැහැ. චරිතය ඇතුලේ යමක් කරන්න තියෙනවා නම් ඒ දේ භාරගන්නවා. කතාව අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ.

 ● කැපිලි කෙටිලි ඔයාටත් බලපෑවද?

 ඒක සාමාන්‍යයයි. ඕනෑම ක්‍ෂේත්‍රයකදී ඒ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට මම ඔය කරන කියන දේවල් ගණන් ගන්නේ නැහැ. මගෙත් එක්ක ඉන්න අය මා ගැන දන්නවා.

 ● ගයත්‍රි මොනවගේද?

 ගොඩක් අය හිතනවා මගේ පෙනුම හින්ද මම නපුරුයි කියලා. අනේ මම නපුරු නැහැ. හරිම සරලව” ලොකුසීන් නැති චරිතයක්.

 ● අයුතු යෝජනා ඔයාටත් අදාළ වුණාද?

 ඒක සාමාන්‍යයි. මටත් එවැනි යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මම බොහොම හෙමින් තමයි මගේ ගමන ආවේ. මට ඉක්මණින් ජනප්‍රිය වෙන්නවත්” දකින දකින චරිතය ඉල්ලගන්නවත් වුවමනා නැහැ. මම හෙමීට මගේ ගමන යනවා.

 ● ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්

 මගේ ජීවිතේ මට ලැබුණු දේවල් වගේම නොලැබුණු දේවලුත් තියෙනවා. ඒ දේවල් එක්ක බලද්දී මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා.

 ● ඔබට වැඩිපුර ලැබෙන්නේ

 මගේ පෙනුමත් එක්ක මට වැඩිපුර ලැබෙන්නේ ටිකක් කොටට අඳින” නපුරු චරිත තමයි. ඒ හින්ද තමයි මම ගැමි චරිතයක් රඟපාන්න කැමති.



දිනේෂ් විතාන
ඡායාරූප – ඉමේෂ් නුවන්ධික
හැඩගැන්වීම – සැලෝන් මාෂ් – කිරිබත්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment