නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී ඉකුත් මස (20 දා) දින සිදු වූ රිය අනතුරේ බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියැදුරු රු 25,000 මුදල් ඇප සහ රු ලක්ෂය බැගින් වු ශරිර ඇප තුනක් මත මුදා හැර යළිත් එම නඩුව 2023.03.02 දින කැඳවීමට නුවරඑළිය මහෙස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා (01 දා) දින නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචි ඉඟුරගේ ඥානරත්න නමැති (62) හැවිරිදි අයයි.
ඇපමත මුදා හැර ඇති සැකකාර රියැදුරා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා රැගෙනවිත් ආපසු කොළඹ දක්වා බස් රථය ධාවනය කරන අවස්ථාවේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වත්ත අසලදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි. එහිදී වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස්දෙනෙකු, වෑන් රථයේ සහ ත්‍රිරෝද රථයේ රියැදුරා ජිවිතක්ෂයට පත් වී බස් රථයේ සිටි පාසල් ළමුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
නුවරඑලිය – නාලක රත්නායක