ටෙස්ට් තරග 64කට නායකත්වය ලබා දී ඉන් තරග 26ක් පරාජයට පත් වී ඇති එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් එම ධුරයෙන් ඉවත් විය යුතු බව හිටපු එංගලන්ත ක‍්‍රිකට් නායකයෝ ප‍්‍රකාශ කරති.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ එංගලන්තය පෙරේදා (27 වෙනිදා* ලද පරාජයත් සමග හිටපු එංගලන්ත ක‍්‍රිකට් නායකයන් වන මයිකල් ඇතර්ටන්, නසාර් හුසේන් සහ මයිකල් වෝගන් යන අය මේ බව ප‍්‍රකාශ කර සිටිති. එම පරාජයත් සමග කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පරාජයට පත්වීමට එංගලන්තයට සිදුවිය.
එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට වඩා ටෙස්ට් තරග ප‍්‍රමාණයක් පරාජයට පත් වූ නායකයන් ලෙස සැලකෙන්නේ ටෙස්ට් තරග 29ක් පරාජයට පත්වූ දකුණු අප‍්‍රිකාවේ ග්‍රෙහැම් ස්මිත් සහ ටෙස්ට් තරග 27ක් පරාජයට පත්වූ නවසීලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින්ග් වෙති.
කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී කඩුලූ 10 කින් පරාජයට පත්වීමට එංගලන්තයට සිදු වූ අතර එම තරගයේ දෙවැනි ඉනිමේ දී එංගලන්තය ලකුණු 120 කට දැවී ගියේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් තරගාවලිය් වීරයා ලෙස සම්මාන ලැබූ අතර කයිල් මේයර්ස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
ලකුණු සාරාංශය
එංගලන්තය පළමු ඉනිම 204/10
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 297/10
එංගලන්තය දෙවැනි ඉනිම 120/10
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම 28/0
|