නාලන්දා විදුහල වසර 69 කට පසුව සුලෝහිත සංග්‍රාමය ජය ගනී!

219

කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයේ ජයග්‍රහණය වසර 69කට පසුව හිමිකර ගැනීමට නාලන්දා විදුහල් කණ්ඩායම සමත් විය.

92 වෙනි වරට කොළඹ එස්එස්සී පිටියේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විදුහල සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 289ක් රැස් කළ අතර, ආනන්ද විදුහල් පිලේ පළමු ඉනිම ලකුණු 139කටද දෙවෙනි ඉනිම ලකුණු 180කටද සීමා විය. ජයග්‍රහණය සඳහා ලකුණු 31ක ඉලක්කයක් නාලන්ද පිලට හිමි වූ අතර ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය.

පළමු ඉනිමේ දී කඩුලු 5ක් දැවී ලකුණු 69ක් ලබා අසරණ තත්ත්වයක සිටි ආනන්ද විදුහල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඉරුත් ගිම්ෂාන් නොදැවී ලකුණු 70ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේදී විනුජ රන්පුල් කඩුලු 4ක් සහ රවීන් ද සිල්වා කඩුලු 3ක් බිඳ දැමූහ.

අනතුරුව නැවත පන්දුවට පහරදීමට පිටියට පිවිසි ආනන්ද විදුහල් පිල වෙනුවෙන් ලක්ෂිත කුලරත්න ලකුණු 32ක් ලබා ගත් අතර, හංසජ ජයසිංහ ලකුණු 48ක් රැස් කළේය.

පන්දු යැවීමේදී විනුජ රන්පුල් සහ රවීන් ද සිල්වා කඩුලු 2 බැගින් දවාලූහ.

නාලන්දා පළමු ඉනිම – 289/9යි. (61.2) ඉනිම අත්හිටුවන ලදි. චනුල අතුකෝරල 88, රවීන් ද සිල්වා 40, දිනෙත් සමරවීර 33 (ශක්ති උදාර 90/5, පුලිඳු කිරිඇල්ල 57/3) සහ දෙවැනි ඉනිම – 31/1යි (ඕවර 5.2)

ආනන්ද පළමු ඉනිම – 139යි. සියලු දෙනා දැවී (ඕවර 42.5) ඉරුත් ගිම්ෂාන් නොදැවී 70, ශක්ති උදාර 21

(විනුජ රන්පුල් 25/4, රවීන් ද සිල්වා 33/3) සහ දෙවැනි ඉනිම – 180යි. (ඕවර 58) හංසජ ජයසිංහ 48, ලක්ෂිත කුලරත්න 32, මිනෙත් ප්‍රේමරත්න 23 (විනුජ රන්පුල් 33/2, රවීන් ද සිල්වා 70/2)

advertistmentadvertistment
advertistmentadvertistment