නාවලපිටියේ 13 හැවිරිදි දැරියට අතවර කළ තැන බලන්න පොලිසිය යයි

211

නාවලපිටියට නොදුරු ප‍්‍රදේශයත දහතුන් හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
 
 අපයෝජනයට ලක් වූවේ යැයි කියන 13 හැවිරිදි දැරිය සමග නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ ගම්පොල පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සැකකරුවන් 10 දෙනා දැරිය අපයෝජනය කළේ යැයි කියන නාවලපිටිය හරංගල ඉලූක්තැන්න ප‍්‍රදේශයේ ස්ථාන පරීක්ෂාවක් ද සිදු කරනු ලැබූ බව නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිණි නිමන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.
 
 පාසල් දැරිය අපයෝජනය කළේ යැයි කියන පියා, පෙම්වතා ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනකු නාවලපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
 අත්අඩංගුවට ගැනීමට නියමිත අනෙකුත් සැකකරුවන් සිව්දෙනා නාවලපිටිය හරංගල ප‍්‍රදේශයේම පදිංචිකරුවන් ලෙස පැවසෙයි.
 
– සමන්තී වීරසේකර

advertistmentadvertistment