ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනයල තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජ කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් 20 දා අත් අඩංගුවට ගෙන තිබේ.

නවික හමුදාවේ වෙරළබඩ මුර යාත්‍රා යොදවා යාපනයල තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවෙන් මලු කිහිපයක් මුහුදට දමා සැකකරුවන් පලායාමට උත්සාහ කළ අතරල නාවික යාත්‍රා මඟින් සිදුකළ වැඩිදුර මෙහෙයුමක් මඟින් සැකකටයුතු යාත්‍රාවෙන් මුහුදට දැමූ පොලිතින් උර පහක් තුල පාර්සල් 75ක අසුරා තිබූ කේරල ගංජා කිලෝ 168 ග්‍රෑම් 750 ක් සහ එම ඩිංගි යාත්‍රාව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

දිනසේන රතුගමගේ