වැලිමඩ පොලිස් බල ප්රදේශයට අයත් මිරහවත්ත, නාවෙල ප්රදේශයේ හරිතාගාරයක ඉතා සූක්ෂම ලෙස වගා කර තිබූ ගංජා වගාවක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පසුගිය 28 දා රාත්රියේ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට හැකිව තිබේ.
එළවළු වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මෙලෙස හරිතාගාරයේ ගංජා වගාව සිදු කර ගෙන ගොස් ඇත. නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත 28 වැනිදා රාත්රියේ මෙම වැටලීම සිදු කර ඇත. එහිදී වගා කර තිබූ ගංජා පැල 1200 ක ප්රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වගාව සිදු කර ගෙන ගිය බවට සැකපිට කාන්තාවක ද අත්අඩංගුවට ගෙන ඇත. ඇගේ සැමියා යුද හමුදා සෙබළකු බවට ද මේ වන විට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. හරිතාගාරයේ සකසන ලද නිදන කාමරයක් ද සොයා ගැනීමට පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීන්ට හැකිව තිබේ. අත්අඩංගුවට පත් කාන්තාව සහ ගංජා පැල තොගය වැලිමඩ පොලිස් ස්ථානයට භාර දීමට කටයුතු යොදා ඇත. වැලිමඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කර සැකකරුවන් හා ගංජා තොගය වැලිමඩ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බොරලන්ද – සමන්ත කුමාර