නාසි අපරාධවලට සහාය වූ 96 හැවිරිදි ජර්මන් කාන්තාවක් නඩු විභාගයට පෙර පලා යයි

601

දෙවැනි ලෝක යුද සමයේ ජර්මනියේ නාසි කඳවුරක පුද්ගලයන් 11,142 දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීමට උපකාර හා සහයවීමේ චෝදනා එල්ල වී ඇති 96 හැවිරිදි වියෙහි පසුවන ජර්මන් ජාතික කාන්තාවක් ඇයට එරෙහි නඩු විභාගය ඇරඹීමට පෙර සිය නිවසින් පලා ගොස් තිබේ.

 අර්ම්ගාඞ් එර්ක්නර් නමැති මෙම කාන්තාව 1943-1945 අතර කාලසීමාවේ ස්ටුට්හොෆ් නමැති නාසි කඳවුරක යතුරුලියන්නියක් (ටයිපිස්ට්) ලෙස සේවය කර ඇති අතර එම කඳවුරෙහි රඳවා සිටි පුද්ගලයන් 11,142 දෙනෙකු ඝාතනය කිරීමට සහය වීමේ චෝදනා එල්ල වී තිබේ. ඒ වන විට ඇය 18 හැවිරිදි වියෙහි පසු වූ තරුණියකි. ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය ඊයේ (30දා) ඇරඹීමට නියමිතව තිබුණද ඇය ඊයේ උදෑසනම ටැක්සි රථයකින් දුම්රිය ස්ථානය වෙත පලා ගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් මේ වන විට වරෙන්තු නිකුත් කර තිබේ.

advertistmentadvertistment