සිය ජීවිතයේ දුෂ්කරතාවලදී මූල්‍යමය වශයෙන් විශාල උදව් උපකාර කර ජීවිතය ගොඩනඟා ගැනීමට අත දුන් රන් ආභරණ. ව්‍යාපාරයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුගේ වාහනය සමගම පැහැරගෙන ගොස් ගෙල සිරකර මරා දැමීමේ චෝදනාවට වරදකරු කළ 41 හැවිරිදි තිදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (04දා) මරණීය දණ්ඩනය නියම කළේය.
සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නමැති එම ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් මිලියන 33 ක මුදලක් සහ ඔහු පැලඳ සිටි රන් මුදු හතරක්, රත්රන් තැල්ලක්, මාලයක්, රත්රන් කරාබු ජෝඩුවක් හා රන් කැබැල්ලක් කොල්ලකෑමේ චෝදනාවට ද වරදකරු කරනු ලැබූ මොහොමඩ් යුසුෆ් මොහොමඩ් පස්මීන් නමැති එම විත්තිකරුට එකී චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවම් හා රුපියල් දසදහසක දඩයක් ද විනිසුරුවරයා නියම කළේය.
2012.10.30 වැනිදා පිටකොටුවේදී එම ව්‍යාපාරිකයාව රවටා මහනුවර පුස්සැල්ලාව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් මෝටර් රථය තුළදීම ගෙල සිරකර මරා දමා මළසිරුර වාහනයෙන් පිටතට ඇද දමා රථය රැගෙන විත්තිකරු පලාගොස් තිබිණි. විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා දෙකම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවටත් ඔහු එම අපරාධය චේතනාන්විතව සිදුකර ඇති බවටත් නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා පැමිණිල්ල මෙහෙය විය.
තමන්ගේ දරුවන් තිදෙනාම කුඩා දරුවන් වන බැවින් තමන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙස විත්තිකරු විත්ති කූඩුවේ සිට අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අධිකරණය විසින් නියම කළ දඬුවම් නියෝගය හා ඔහුගේ ප්‍රකාශය මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය ද්‍රවිඩ භාෂාවෙන් පැහැදිලි කර දුන්නාය.
ඒ. ජේ. ඒ. අබේනායක