නැගෙනහිර ජැටියටත් ණය බැල්මක්!

199

වරායේ නැගෙනහිර පර්යන්තයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් වෙන්කර තිබියදී උපකරණ මිලදී ගැනීමට යැයි පවසමින් ඇමරිකන් ඩොලර් මිලියන 325 ක ණයක් ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා යැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා ‘දිවයින’ ට ඊයේ (25දා) පැවැසීය.

වරාය අධිකාරිය වාර්ෂිකව රුපියල් මිලියන 52,000 ක ආදායමක් උපයන බව පෙන්වා දෙමින් දේශීය හා විදේශීය බැංකු වලින් මෙම ණය මුදල ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීය.

නැගෙනහිර පර්යන්තයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා වරාය අධිකාරිය මගින් රුපියල් මිලියන 13,780 ක මුදලක් වෙන්කර තිබියදී එම මුදල් භාවිත නොකර ණයක් ලබාගැනීමට යෑම ගැටලූවක් බවද ඔහු කීය.

හම්බන්තොට වරාය සඳහාත් ණය ගෙවීමට යැයි පවසමින් චීනයෙන් රුපියල් බිලියන 1.3 ක් ලබාගෙන ණය ගෙවීමක් සිදුනොකළ බවත් ඒ ආකාරයෙන්ම නැගෙනහිර පර්යන්තයටද උපකරණ මිලදී ගැනීමට යැයි පවසමින් ඩොලර් මිලියන 325 ක ණයක් ලබාගත්තත් උපකරණ ගැනීම පසෙක තබා වෙනත් අරමුණක් වෙනුවෙන් එම මුදල් යෙදවිය හැකි යැයිද ගොරකානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment