නැගෙනහිර මුහුදේ ගිලුණු “HMS Hermes” නැවේ කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් උපහාර උළෙලක්

79

දෙවැනි ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් “HMS Hermes” නමැති ගුවන් යානා ප්‍රහාරක නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් පසුගිය 30දා සාර්කථව නිම කෙරුණි. ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් පියල්ද සිල්වා (විශ්‍රාමික) විසින් “HMS Hermes” නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් ඔවුන් වෙත උපහාර පුද කෙරිණි.

නැගෙනහිර මුහුදේ ගිලුණු "HMS Hermes" නැවේ කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් උපහාර උළෙලක්

දෙවැනි ලෝක යුද සමයේදී කොළඹට බෝම්බ හෙළීමෙන් අනතුරුව බි්‍රතාන්‍ය නාවික හමුදාවට අයත් මෙම නෞකාව 1942 අප්‍රේල් මස 09 දා ගුවනින් බෝම්බ හෙළා ගිල්වා ඇත. නාවික හමුදා මගින් සංවිධානය කෙරෙන මෙවැනි ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාස මගින් ත්‍රිකුණාමලය අවට මුහුදු තීරයේ කිමිදීම සඳහා කිමිදුම් සංචාරක ආකර්ෂණය ලබා ගැනීමටත්, එමගින් දිවයිනේ කිමිදුම් සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමටත් නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

නැගෙනහිර මුහුදේ ගිලුණු "HMS Hermes" නැවේ කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් උපහාර උළෙලක්
  • සුජාතා ජයරත්න
advertistmentadvertistment
advertistmentadvertistment