නැවත බෙදුම්වාදයක් ඇතිවීමට ඉඩ නොතබා රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළහ.
මෙය ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (17) උදෑසන 9.00ට පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ දී මහජන සංදේශය අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
ජාතික සංවිධාන රැසක සහභාගිත්වයෙන් පැවැති සංදේශය අත්සන් කිරීම ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින් අභයතිස්ස හිමියන් තවදුරටත් පැවසුවේ “මේ ඊළාම් සිහිනයේ ප්‍රභාකරන් ඉත්තෙක් විතරයි. ප්‍රභාකරන් කියලා කියන්නේ කාලීනව ඒ අවස්ථාව සඳහා යොදාගත් ඒ මොහොතට ගන්න පුළුවන් චරිතය විතරයි. නමුත් අදටත්, ජාත්‍යන්තරවත්, දේශීයවත් ඒ අවශ්‍යතා ඉටුකරන කණ්ඩායම් ගොඩනැඟිල ඉන්නවා. වෙන මොකවත් ඕන නැහැ. මේ ජෝකර් කෙනෙක් ගැන කතා කරන්න අවශ්‍ය නෑ. නමුත් අර්චුනා නම් මන්ත්‍රීවරයා කියපු කතාවෙන් ඔවුන්ගේ බෙදුම්වාදීන්ගේ අදහස තාමත් එලෙසම තියෙනවා කියන අදහස මතුවුණා. ඒ නිසා අර්චුනා කියන්නෙ මේ බෙදුම්වාදී නාඩගමේ විකටයා විදියට ඇවිල්ලා කියන්න ඕන කොටස සුමන්දිරම්ට කියන්න බැරි කොටස, එහෙමත් නැතිනම් මේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින තවත් අයට කියන්න බැරි කොටස ප්‍රකාශ කර ගැනීම සඳහා භාවිතා කරපු තවත් නළුවෙකු හැටියටයි අපි කියවගන්න ඕන” යනුවෙනි.
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානාන්ද තිරාණගම සහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
රශ්මි දිසානායක, නිමන්තිකා තත්සරණි, සඳුනි තාරකා