සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු සිරියානු රජයේ හමුදා එරට ඇලෙප්පෝ නගරයෙන් ඉවත් වී තිබේ.
සිරියාවේ දෙවන විශාලතම නගරය වන නගරයේ “විශාල කොටස්” වෙත කැරලිකරුවන් ඇතුළු වූ බව හමුදාව පිළිගෙන තිබේ. මෙම ප්‍රහාරය මෑත වසරවල සිරියාවේ සිවිල් යුද්ධයේ වැදගත්ම සටන සනිටුහන් කරයි. මේ සමගම නැවත අයිසිස් සංවිධානය මතුවීමේ අවදානම ලෝකය හමුවේ තිබේ.
එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණාගාරයට අනුව, බදාදා ආරම්භ වූ දා සිට අවම වශයෙන් සිවිල් වැසියන් 20 ක් ඇතුළුව පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් මියගොස් ඇත.
ජනාධිපති අසාද් “සියලු ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට එරෙහිව ප්‍රහාර දියත් කරන බවත් ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන” බවටත් පොරොන්දු විය.
“ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාර කොතරම් දරුණු වුවත්, ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන්ගේ සහ මිතුරන්ගේ සහාය ඇතිව ඔවුන්ව පරාජය කිරීමට සහ තුරන් කිරීමට හැකියාව ඇති බව ජනපතිවරයා කියයි. දැනටමත් රුසියානු ගුවන් ප්‍රහාර කැරලිකරුවන් ඉලක්ක කරගෙන එල්ල වේ.