ගිනිගෙන ගිලී ගිය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවිය හැකි තෙල් විසුරුම් වැළැක්වීම සඳහා මෙන්ම නැව මගින් සිදුව ඇති පාරිසරික හානිය සොයා බැලීම සඳහා අදාළ නැව් සමාගමට අනුබද්ධ පරීක්ෂණ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටිති. එම කාර්ය මණ්ඩලය මේ දිනවල උස්වැටකෙයියාව සිට මීගමුව අතර ප‍්‍රදේශයේ පරීක්ෂණ කටයුතුවල නිරතව සිටින අතර ඉදිරි දිනවල දී හානියට පත් අනෙකුත් වෙරළ තීරයන් ද නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත. පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන් වත්තල උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ ඊයේ (10 දා* අදාළ පරීක්ෂණ කටයුතුවල නිරතව සිටින අයුරු ඡුායාරූපයේ දැක්වේ.
ඡායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත
|