නිකාය භේදය තුළින් ප‍්‍රබෝධමත් වූ ජපන් බුදුදහම

392

නරා යුගයේ ඇතිව තිබූ බෞද්ධාගමික ප‍්‍රබෝධය හේතුවෙන් හෙයිඅන් යුගය වනවිට වෙහෙර විහාර සංඛ්‍යාව සහ භික්ෂූන්ගේ සංඛ්‍යාව සීග‍්‍රයෙන් ඉහළ යමින් පැවතිණි. එහිදී අධ්‍යාත්මික සුවය වෙනුවට ආර්ථිකමය ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් බුද්ධ ශාසනයේ බොහෝ පිරිස් පැවිද්දන් බවට පත්වීම හේතුවෙන් භික්ෂූ සංඛ්‍යාව වැඩිවූවා සේම, බෞද්ධාගමේ මූලික හරයද විනශ වී යෑමේ අවධානමක් ඇති විය. එසේම මෙකළ වෙහෙර විරාරවලට අසීමිතව ඉඩකඩම් හිමිවීම හේතුවෙන් ආරාමවලට ඉඩම් පිදීම සහ විකිණීම තහනම් කරමින් අඥාවක් නිකුත් කිරීමට පවා සිදුව ඇත. මෙලෙස කෙතරම් නීති පැනවීමට අධිරාජ්‍යයා උත්සහ කළද කියොතොව අවට සිදු වූ ආරාම ඉදිවීම සහ බෞද්ධාගමේ වූ වර්ධනය වළකාලිය නොහැකි කරුණක් වී ඇත. එමෙන්ම මෙකළ දක්නට ලැබුණු තවත් වැදගත් ලක්ෂණයක් වූයේ බෞද්ධ ආරාමයන් සතුවද හමුදා භට කණ්ඩායම්  සේවයේ නිරතු වීමය.

නිකාය භේදය තුළින් ප‍්‍රබෝධමත් වූ ජපන් බුදුදහම

ජපානයේ නරා යුගයේ අවසානයත් සම`ග ඇතිවන කාලපරිච්ෙඡ්දය හෙයිඅන් යුගය වශයෙන් හ`දුන්වනු ලබන අතර මෙම යුගයන් නාමකරණය ස`දහා එහි වූ අගනගරයේ නාමය භාවිතා කිරීම දැකිය හැකිය. ඒ අනුව ජපානයේ අගනුවරවල් වෙනස් කිරීම ස`දහා ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ”යම් කෙනෙකුගේ මරණයක් නිසා ගෘහයක් කිල්ලට අසුවන්නේ ය” යන සංස්කෘතිය හා බැ`දි විශ්වාසය ලෙසට හ`දුනාගත හැකිය. ජපන් වංසකථාවලට අනුව මුල්ම රාජ්‍ය කාල 43 දී ම අගනුවර වෙනස් වුවද ඒ යමතෝ ප‍්‍රදේශයෙහිම තැනින් තැනටය. එහෙත් නරා යුගයේ දී බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසයෙන් තැනූ ගොඩනැගිලි ස්ථිර ඒවා වූ බැවින් නරා සිට නග ඕක ප‍්‍රදේශය කරා අගනගරය මාරු කිරීම මහත් ධනයක්, පරිශ‍්‍රමයක් දැරිය යුතු කාර්යයක් විය. එහෙත් ක්වම්මු අධිරාජ්‍යයා පාලන මධ්‍යස්ථානය ක‍්‍රි. ව. 784 දී අගනගරය ලෙස නකඔක වෙත මාරු කළ අතර නව නගරය ‘හෙයිඅන්-ජෝ’ හෙවත් ‘සාමයේ නගරය’ වශයෙන් නම් කරනු ලැබීය. ඉන් පසුව එම ස්ථානයෙන් අගනගරය ඉවත් කොට කියොතෝ (හෙයිඅන් කියො/ සාමයේ සහ සැනසීමේ අගනුවර) හී පිහිටුවනු ලැබීය. ඒ අනුව අගනගරය වෙනස් වීමත් සම`ග හෙයිඅන් යුගය (ක‍්‍රි. ව. 794-1185) ආරම්භවන අතර මෙම යුගය ජපන් සංස්කෘතික ඉතිහාසය කෙරෙහි ඉතා වැදගත් අවධියක් වශයෙන් හ`දුනාගත හැකිය. මෙලෙස අගනගරය මරු කිරීමට බලපෑ සැබෑ කාරණය පැහැදිලි නොවන නමුත් විශාල බෞද්ධ ආරාම සංඛ්‍යාවක් පැවතීම, ඒවායෙහි සිටි භික්ෂූන් විශාල ධනයක් හිමිකරගෙන සිටීම සහ අසීමිත බලයක් භුක්තිවිදීම නිසා එලෙස සිදුකළ බවට ඇතැම් විද්වතුන් තර්ක කරනු ලබයි.

ඒ අනුව නරා යුගයේ ඇතිව තිබූ බෞද්ධාගමික ප‍්‍රබෝධය හේතුවෙන් හෙයිඅන් යුගය වනවිට වෙහෙර විහාර සංඛ්‍යාව සහ භික්ෂූන්ගේ සංඛ්‍යාව සීග‍්‍රයෙන් ඉහළ යමින් පැවතිණි. එහිදී අධ්‍යාත්මික සුවය වෙනුවට ආර්ථිකමය ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් බුද්ධ ශාසනයේ බොහෝ පිරිස් පැවිද්දන් බවට පත්වීම හේතුවෙන් භික්ෂූ සංඛ්‍යාව වැඩිවූවා සේම, බෞද්ධාගමේ මූලික හරයද විනශ වී යෑමේ අවධානමක් ඇති විය. එසේම මෙකළ වෙහෙර විරාරවලට අසීමිතව ඉඩකඩම් හිමිවීම හේතුවෙන් ආරාමවලට ඉඩම් පිදීම සහ විකිණීම තහනම් කරමින් අඥාවක් නිකුත් කිරීමට පවා සිදුව ඇත. මෙලෙස කෙතරම් නීති පැනවීමට අධිරාජ්‍යයා උත්සහ කළද කියොතොව අවට සිදු වූ ආරාම ඉදිවීම සහ බෞද්ධාගමේ වූ වර්ධනය වළකාලිය නොහැකි කරුණක් වී ඇත. එමෙන්ම මෙකළ දක්නට ලැබුණු තවත් වැදගත් ලක්ෂණයක් වූයේ බෞද්ධ ආරාමයන් සතුවද හමුදා භට කණ්ඩායම් සේවයේ නිරතු වීමය. මෙකළ ෆුජිවර පවුල ඇතුළු අන්‍ය රදළ පවුල් ඉඩකඩම් බලෙන් අල්ලා ගැනීමෙහි නිරත වීම නිසා ආරාම අධිපතීන් මධ්‍යම රජය කෙරෙහි අමනාපයක් දැක්වූවා සේම ඔවුහූ භික්ෂූන්ගෙන් සහ ඉඩමිවල සේවයේ නිරතු පිරිස්වලින් යුතු හමුදා පිරිස් නිර්මාණය කරගැනීම සිදු කරනු ලැබ ඇත. මෙලෙස හෙයිඅන් යුගයේ මුල් කාලීනව බෞද්ධ දර්ශනයේ ව්‍යාප්තියක් දැකිය හැකි වුවද එහි ගුණාත්මක අංශය බෙහෙවින් පිරිහීමට ලක්ව පැවති බවට හ`දුනාගත හැකිය.

ඒ අනුව නරා යුගයේ ඇති වූ නිකාය පද්ධතිය සහ ඇතැම් බෞද්ධ භික්ෂූන්ගේ ක‍්‍රියාකලාපයන් හේතුවෙන් හෙයිඅන් යුගය තුළ දී පැවති අදහස් විවේචනයට ලක් කරමින් තෙන්දයි නිකාය (Tendai Sect) සහ ෂින්ගොන් නිකායන්ගේ (Shingon Sect) ආරම්භය සිදුවන ආකාරයක් හ`දුනාගත හැකිය. මෙහිදී තෙන්දයි නිකාය සයිචො (Saicho) හෙවත් සෙදෙන්ග්‍යො දයිෂි (ක‍්‍රි.ව. 742-822) හිමියන් විසින් ආරම්භ කරනු ලැබූ අතර ෂින්ගොන් නිකාය කූකයි හෙවත් කෝබෝ දයිෂි (Kobo-Daishi) (ක‍්‍රි.ව. 774-835) හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත. මෙම භික්ෂූන් වහන්සේලා දෙනම අධිරාජ්‍යයාගේ ද අනුදැනුම සහිතව චීනයට ගොස් චීනයේ ජනප‍්‍රියව පැවති බෞද්ධ ධර්මයන් මනාව ප‍්‍රගුණ කොට ජපානයට පැමිණ එලෙස ඔවුන් උගත් ධර්මය ජපානයට උචිත අයුරින් සකස් කිරීම සිදුකරනු ලැබ ඇත. ඒ අනුව හෙයිඅන් යුගයේ බුදු දහම පිළිබ`දව විමර්ශනය කිරීමෙහි දී නරා යුගයේ පැවති තත්වයටත් වඩා සංකීර්ණත්වයක් ගත් බවට දැකිය හැකිය. නරා යුගයේ ස්වරූපයෙන් බොහෝවිට මහායානික ලක්ෂණ පිළිබිඹු කළද එහි දාර්ශනික අංශය බොහෝ දුරට ථේරවාදයට නැඹුරු වූවක් විය. එහෙත් හෙයිඅන් යුගයේ බෞද්ධාගම කෙරෙහි අවධානය යොමු කරන විට එය භාරතීය සහ චීන මහායානික සම්ප‍්‍රදායන්ගේ නොමද ආභාසය ලද අතරම චීන කොන්ෆියුසියස් සහ තා ඕ වැනි දර්ශනවාදයන්ගේ ද විවිධ ආභාසන් ලබා ගැනීම හේතුවෙන් සංකීර්ණත්වයක් උසුලනු ලැබිණි.

මෙම තෙන්දයි සහ ෂින්ගොන් යන නිකායන් ද්විත්වයේම මූලස්ථානයන් අගනුවරින් බැහැර ක`දුකර ස්ථානවල පිහිටා තිබූ අතර මෙම සම්ප‍්‍රදායන් පැවති නිකාය පද්ධති විවේචනයට ලක් කරමින් දේශීය ෂින්තෝ ආගමික හරයන් ද රැුගෙන නවතම අයුරකින් වර්ධනය වීම දැකිය හැකි විය. ඒ අනුව තෙන්දයි නිකාය පිළිබ`දව විමර්ශනය කිරීමේ දී එය චීනයේ තියන්තායි නිකායෙන් පැවත එන්නක් වන අතර එය චිහ්-ඉ නම් චීන භික්ෂුව විසින් ආරම්භ කොට ඇත. ඒ අනුව යමින් ජපානයේ තෙන්දයි නිකාය සයිචො භික්ෂුව විසින් ක‍්‍රි. ව. 806 දී ආරම්භ කරන ලදී. සමකාලීන අවධියේ බෞද්ධාගම බෙහෙවින් ලෞකිකත්වයට නැඹරු වීම හේතුවෙන් කලකිරීමට පත් සයිවො හිමියන් කියොතො නගරයෙන් ඈත්ව ගොස් හිඑයි ක`දුකර ප‍්‍රදේශයේ හුදෙකලාව විසීම සිදු කළද ක‍්‍රමයෙන් ඔහුගේ අනුගාමික සංඛ්‍යාව වර්ධනය වීම සිදු වී ඇත. ඉන් පසුව සයිචො භික්ෂුව සද්ධර්මපුණ්ඩරීක සූත‍්‍රයේ ධර්මය ද, ෂින්ගොන් ධර්ම හා මන්ත‍්‍ර මෙන්ම චීන ශෙන් භාවනාව ද විනය පිළිවෙත් ලෙස එක්කොට තෙන්දයි දහම ඉගැන්වීමේ නිරත වූයේය. එහෙත් කාලයක් ගතවන තුරු පැවති ආගමික නිකායන්ගේ විරෝධය හේතුවෙන් තෙන්දයි දහම පැතිර වීම අපහසු වුවද පසු කාලීනව රාජ්‍ය අනුගහය නොමදව ලැබීමත් සම`ග එම තත්වය ක‍්‍රමයෙන් පහව ගොස් ඇත.

මෙලෙස සයිචෝ භික්ෂුව උත්සහ ගනු ලැබුවේ චීනයේ දී තමන් ලද පුහුණුව සහ ශික්ෂණය අනුව භික්ෂූන් වෙත ධර්ම මාර්ගයන් කියාපාමින් ජපානයේ පැවති බෞද්ධාගම පාරම්පරික සත්‍ය බුදු දහමට සමීප කරවීමටය. ඔහුගේ ඉගැන්වීම් තුළ අන්ගර්ගත වූයේ සද්ධර්මපුණ්ඩරීක සූත‍්‍රය සත්‍ය බදු දහමේ හරය ගැබ්කොට ඇත්තක් ලෙසය. එසේම සවිචෝ භික්ෂුව තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා භක්තියෙන් සහ විනයෙන් අනූන කිරීම ස`දහා ඔවුනට දිගු කලක් භාවනාවේ යෙදීම අනිවාර්ය කළ අතර පුහුණුව ලබා අවසන් වනතුරු හිඑයි ක`දු ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් පිටට යෑම පවා තහනම් කරනු ලැබීය. මෙලෙස සයිචෝ භික්ෂුව යටතේ තෙන්දයි නිකාය වර්ධනය වුවද උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව ෂින්ගොන් නිකායේ වර්ධනයත් සම`ග තරමක පසු බෑමක් සිදු වුවද ජිකකු දයිෂී නමින් ප‍්‍රසිද්ධ වූ එන්නින් භික්ෂුව (ක‍්‍රි. ව. 794-864) විසින් නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමට සමත්ව ඇති ආකාරයක් හ`දුනාගත හැකිය. එසේම එන්චින් නැමති භික්ෂුව ද තෙන්දයි නිකායේ වර්ධනය ස`දහා ක‍්‍රියාකොට ඇතත් පසු කාලයේ එන්නින් සහ එන්චින් යන භික්ෂූන් දෙදනාගේ පරපුරේ භික්ෂූන් දෙපිරිස අතර ප‍්‍රබල අර්බුදකාරී තත්වයක් ඇති වීම ජපන් බෞද්ධාගමේ වර්ධනයට ඉමහත් භාදා ගෙන දෙන්නක් විය. ඒ හේතුවෙන් එන්චින් භික්ෂුවගේ ශිෂ්‍ය භික්ෂූන් හිඑයි කන්දේ තෙන්දයි මධ්‍යස්ථානය වූ එන්ර්‍යකුජි පන්සලෙන් ඉවත්ව කන්ද පාමුල ඔන්ජෝජි ආරාමය ස්ථාපිත කර ඇත. මෙලෙස හෙයිඅන් යුගය තුළ දී බෞද්ධාගම තව දුරටත් සංකීර්ණ අංගයන්ගෙන් පෝෂණය වූ ආකාරයක් දැකිය හැකි වූ අතර පැවති නිකායන් තවත් අනු නිකායනට බෙදීයාම දැකිය හැකි විය. නමුත් ඒ තුළින් බුදු දහමේ පරිහාණිකර අවස්ථාවක් සනිටුවහන් නොවූ අතර තවදුරටත් ජපානය තුළ බුදු දහම වර්ධනය වීමට හේතු සාධක වී ඇත.

එසේම ඉහත දී ස`දහන් කරන ලද කූකයි හෙවත් කෝබෝ දයිෂි හිමියන් විසින් ආරම්භ කරන ලද ෂින්ගොන් නිකාය මහායාන බුදු දහමේ ප‍්‍රධාන ශාඛාවක් වශයෙන් හ`දුනාගනු ලබයි. ෂින්ගොන්-දරණි (මන්ත‍්‍ර ධාරිණී) නිකාය, තෝමිත්සු නිකාය සහ මික්ක්‍යෝ (තන්ත‍්‍ර බුදු දහම) යන නාමයන්ගෙන් ද මෙම නිකාය හ`දුන්වනු ලබයි. මෙම ෂින්ගොන් නිකාය තුළ දී මන්ත‍්‍රවලට සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇති ආකාරයක් හ`දුනාගත හැකිය. බෞද්ධ ධර්මය ශාක්‍යමුනි බුදුරදුන්ගෙන් පැවත එන බවට පොදුවේ පිළගනු ලැබූව ද ෂින්ගොන් නිකායේ විශේෂත්වය වනුයේ ඔවුන් මෙයට පටහැනි මතයක් දැරීමය. ඒ අනුව මූලික සූත‍්‍රයන් වන මහාවෛරෝචන සූත‍්‍රය හා වජ‍්‍රශේඛර සූත‍්‍රය ධර්මකාය හෙවත් පරමාර්ථ සත්‍ය වශයෙන් පිළිගනු ලැබූ අතර ඒවා මහාවෛරෝචන බුදුන්ගේ දේශනා බව ද විශ්වාස කොට ඇත. ෂින්ගොන් නිකායේ පදනම විශ්වව්‍යාප්තී බුද්ධ හෙවත් බුද්ධ වෛරෝචන දයිනිචි වන අතර ගෞතම, යකුෂි, අමිද යන සියලූ බුදුවරු දයිනිචි තුළ වේ. ඒ අනුව මෙම ෂින්ගොන් නිකාය නරා යුගයේ බුදු දහම හා සැසදීමේ දී බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගත් අතර කූකයි හිමියන් නවතම දර්ශනයක් ඉදිරිපත් කරමින් එය ජපානයේ ස්ථාපිත කිරීමට මෙන්ම එය ව්‍යාප්ත කිරීමට ද කටයුතු කරීම ඉතා වැදගත් සිදුවීමකි.

එසේම උන්වහන්සේ විවිධාකාර ගුප්ත වූ කලාවන්, දර්ශනයන් හා ආගමික වත්පිළිවෙත් ජපානයට හ`දුන්වාදීමට සමත් වී ඇත. භාවනා කිරීමෙන්, බෞද්ධ දෙවි දේවතාවුන් පිදීමෙන් සහ මන්ත‍්‍ර සහ තන්ත‍්‍ර තුළින් විශ්ව බලය පුද්ගලයා තුළට ග‍්‍රහණය කරගැනීමෙන් සැනසීම ලබාගත හැකි බවට කූකයි හිමියන් විසින් පෙන්වා දෙනු ලැබිණි. මෙලෙස ජපන් ෂින්ගොන් බුදු දහමේ පැවති නෛමිත්තික හා ගුප්ත ලක්ෂණයන් හේතුවෙන් එය ඉතා සංකීර්ණ ඉගැන්වීම්වලින් යුතු විය. එහෙත් මෙම නිකාය විසින් පවත්වන ලද භූතයන් පළවා හැරීමේ ආගමික චාරිත‍්‍ර වාරිත‍්‍ර විධි මෙන්ම විවිධ ආගමික කටයුතුවල දී භාවිතා කළ මුද්‍රා, ධාරණී වැනි ඒවා හේතුවෙන් ප‍්‍රධාන වශයෙන් ජපන් ජනයාගේ ආකර්ශනය කෙරෙහි බලපා ඇත.

ඒ අනුව ෂින්ගොන් නිකාය ම`ගින් ජපානයට විවිධ වූ ආගමික කටයුතු සහ වත්පිළිවෙත් හ`දුන්වාදීම සිදු විය. මුල් කාලීනව අධිරාජ්‍යයාගේ රාජ සභාවේ සහ ප‍්‍රභූ පැලැන්තියේ කටයුතු ස`දහා වත් පිළිවෙත් ඉටුකළ නමුත් භික්ෂු සංඛ්‍යවේ සිදු වූ වර්ධනය සහ දාර්ශනික අංශයේ ඇති වූ වර්ධනයත් සම`ග මහජන කටයුතු කෙරෙහි ද සම්බන්ධව කටයුතු කරන ආකාරයක් හ`දුනාගත හැකිය. මෙලෙස මහජනයා අතර ප‍්‍රචලිත වූ ෂින්ගොන් නිකායේ කටයුතු අතර ලෙඩ සුව කිරීම සහ දරු උපත් ස`දහා විවිධ වූ ආගමික පුදපූජා පැවැත්වීම වැනි අංග බෙහෙවින් ජනප‍්‍රිය වී ඇත. මෙලෙස හෙයිඅන් යුගයේ අවසාන භාගය වනවිට තෙන්දයි සහ ෂින්ගොන් යන ප‍්‍රධාන නිකාය දෙක ජපන් වැසියන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වීම හේතුවෙන් බෞද්ධ මධ්‍යස්ථාන රාශියක් බිහි වූ අතර එම ආරාම හරහා පැවැත්වූ වත් පිළිවෙත්වල පැවති ගූඪ භාවය හේතුවෙන් බෞද්ධ ජනයා අතර අතිශය ජනප‍්‍රිය වීමට හේතු සාධක වූ ආකාරයක් හ`දුනාගත හැකිය. එය ජපන් බුදු දහමේ වර්ධනයට මෙන්ම නිකාය ද්විත්වය අතර තර`ගයක් ඇති වීම කෙරෙහ ිද ප‍්‍රබල වශයෙන් බලපානු ලැබූ ක‍්‍රියාදාමයක් වී ඇත.

මෙම හෙයිඅන් යුගය වනවිට විවිධ නිකායන් අතර බුදුන් වහන්සේ පිළිබ`දව පැවති විශ්වාසය එකි නෙකට වෙනස් වූ ආකාරයක් හ`දුනාගත හැකිය. ඒ අනුව සමහර නිකායන් අතර ශාක්‍යමුනි බුද්ධ හෙවත් ගෞතම බුදුන් වහන්සේ අභිබවා වෛරෝචන (දයිනිචි – විශ්වය අලෝකමත් කරන්නා), අමිතාභ (අමිද – අප‍්‍රමාණ ප‍්‍රභාස්වර බුදුන්), මෛත්‍රෙය (මිරොකු – අනාගත බුදුන්) වැනි බුදුවරුන් ප‍්‍රචලිත වීම මෙකළ දැකිය හැකි විය. එසේම බුදුන් වහන්සේ හ`දුන්වා දුන් ත‍්‍රිකාය සිද්ධාන්තය (කාය, වාචා, මනෝ) මෙන්ම රහතන් වහන්සේලා සහ සිව්වරම් දෙවිවරුන් ද ආගමික ඇදහිලි අතර ප‍්‍රමුඛත්වයක් ගනු ලැබීය. මෙලෙස හෙයිඅන් යුගයේ බුදු දහමේ ඇති වූ පුළුල් ව්‍යාප්තිය බුදු දහමේ වර්ධනයට ප‍්‍රධාන වශයෙන්ම බලපානු ලැබූ කරුණක් විය. මෙයට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ ද ප‍්‍රධාන ආගම වූ ෂින්තෝ ආගම දර්ශනයකින් තොර වීමය. එබැවින් ගැඹුරු දර්ශනවාදවලින් පෝෂණය වූ බෞද්ධාගම ජපන් සමාජය තුළ සීග‍්‍රයෙන් පැතිරයාම සිදුවිය. එමෙන්ම සාමාන්‍ය ජනයාගේ ජීවිත තුළට බෞද්ධ දර්ශනය තුළින් බොහෝ දේවල් ලබාගත හැකි වූ අතර බුදු දහම ජපන් සමාජයට ඔබින අයුරෙන් ජපන් සංස්කෘතිය ගැලපෙන අයුරේ ආගමක් බවට පරිවර්තනය වීම හෙයිඅන් යුගය තුළ දී සිදු වූ බවට හ`දුනාගත හැකිය.

පසු කාලීනව මෙම ෂින්ගොන් නිකාය තෝජි, දයිගි, දයිකකුජි, ඔමුරො, සෙන්න්‍යුජි, යමෂින හා ශේන්ත්සුජි වශයෙන් අනු නිකායන් ගණනාවකට බෙදීගිය ද ජපානය තුළ බෞද්ධාගමේ බි`ද වැටීමක් සිදු වී නොමැත. උදාහරණ වශයෙන් ක‍්‍රි. ව. 2000 පමණ වනවිට ෂින්ගොන් නිකායේ අනු නිකායන් 45 ක් පමණ ද, පන්සල් 12400 පමණ ද ලක්ෂ දහයකට වඩා වූ භක්තිකයන් පිරිසක් ද ජපානයේ හමුවීම පෙන්වා දිය හැකිය.

මෙලෙස හෙයිඅන් යුගය තුළ දී ජපාන දේශපාලන හා සමාජමය අංශය කෙරෙහි ප‍්‍රබල බලපෑමක් කිරීම ස`දහා බෞද්ධ දර්ශනය හේතු වූ අතරම ජපානයේ කලා, ගෘහ නිර්මාණ අංශයන්ගේ වර්ධනය කෙරෙහි ද බෞද්ධාගමික බලපෑම නොමදව ලැබී ඇති ආකාරයක් හ`දුනාගත හැකිය. ඒ අනුව හෙයිඑන් යුගය තුළ දී ෂින්ගොන් නිකායේ කේන්ද්‍රීය සංකල්පය සහ ක‍්‍රියා පද්ධතිය වූයේ කොංගොකි (Kongoki) නම් බෞද්ධ විශ්වාසයන් ඉදිරිපත් කරනු ලැබූ චිත‍්‍ර සම්ප‍්‍රදායක් වූ මණ්ඩල වන්දනාවය. එවැනිම තවත් මණ්ඩල සම්ප‍්‍රදායක් වූයේ තයිසොකයි (Taizokai) නමින් හැ`දින්වෙන තල සංකේතවත් කෙරෙන චිත‍්‍ර සම්ප‍්‍රදාය ය. එසේම හෙයිඅන් යුගයේ ආරාම සහ පන්සල් නිර්මාණය වූයේ නගරවලින් බොහෝ දුරස් ප‍්‍රදේශවල වූ භූ විෂමතාවය අතින් විවිධ ක`දුකර ප‍්‍රදේශවලය. මෙම ප‍්‍රදේශවල විහාරාරාම ඉදි කිරීමේ කටයුතුවල දී බෞද්ධ ප‍්‍රතිමාගෘහ ඉදි කිරීම, ඒ තුළ අමිතාභ බුදුන්ගේ ප‍්‍රතිමා නිර්මාණය වැනි අංගයන් දැකිය හැකිවිය. එසේම මෙම ප‍්‍රතිමා ගෘහයන් තුළ චිත‍්‍ර ඇද තිබූ අතර ඒවායෙහිද බෞද්ධ ආගමික සංකල්පයන් අන්තර්ගත කොට තිබිණි. මෙලෙස හෙයිඅන් යුගය තුළ දී බුදු දහමේ මූලික අදහස් ගැබ්වන පරිදි විවිධ චිත‍්‍ර සහ මූර්ති නිර්මාණ ශිල්පයේ වර්ධනය සිදු වූ අතරම බෞද්ධ වෙහෙර විහාර සහ බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය ද බෙහෙවින් වර්ධනීය තත්වයකට පැමිණීම සිදු වී ඇත. මෙලෙස හෙයිඅන් යුගය තුළදී ජපානයේ බුදු දහම නිකායාන්තර වශයෙන් විභේදනයට ලක්වුව ද දේශපාලන, සමාජ සහ සංස්කෘතික යන සෑම අංශයකම ප‍්‍රබල වර්ධනයක් ඇති කිරීමට සමත් වූ ක‍්‍රියාවලියක් වශයෙන් එය පෙන්වාදිය හැකිය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

ඉලංගසිංහ, මංගල, ජපන් සංස්කෘතික ඉතිහාසය : මුලසිට කමකුරා යුගය දක්වා, අභය මුද්‍රන ශිල්පියෝ, කඩවත, 1994.

නානායක්කාර, සනත්, ජපන් බුදු දහම, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ, 1969

රෝහණදීර, මැන්දිස්, ” ජපාන් බුදු සමය ”, සිංහල විශ්වකෝෂය – 12, සංස්x කේx එන්x ඕx ධර්මදාස හා දේවිකා ප‍්‍රියදර්ශනී එදිරිවීර, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ, 2010.

වේරගම, ගාමිණී, ” හෙයිඅන් යුගය ”, සිංහල විශ්වකෝෂය – 12, සංස්. කේx එන්x ඕx ධර්මදාස හා දේවිකා ප‍්‍රියදර්ශනී එදිරිවීර, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ, 2010.

සෝමරත්න, ජී. ඒ., ජපන් බුදු දහමේ ගමන් මග, පේ‍්‍රමරත්න වෙළෙ`ද සැල, මහව, 1999.

එන්. ජි. ආර්. පී. වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පිඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

advertistmentadvertistment
advertistmentadvertistment