නිදහස් දිනය වෙනුවෙන් වැසෙන මාර්ග

117


75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් හෙට කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීමට සහ මාර්ග වසා තැබීමට පොලීසිය පියවර ගෙන ඇත.ඒ අනුව හෙට දහවල් 2.00 සිට නිදහස් උත්සවය අවසන්වන තුරු ගාලුපාර බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා දැමේ.එසේම සවස 6.00සිට 04 වැනිදා උදෑසන 10.00 දක්වා බම්බලපිටිය දුම්රිය පොළ හන්දිය සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු බඩ කොටස ද වසා දැමේ.

මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවටල ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරදි එම මාර්ගවල රථවාහාන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment