නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ

41

ශ‍්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප‍්‍රධාන කාර්යාලයේදී රජයේ නිරෝධායන නීති රිති වලට අනුකුලව නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව කි‍්‍රයාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන මෙවරද කි‍්‍රයාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිදකු වෙනුවෙන්ම රු 2000/=ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. මෙම වැඩපිිළිවෙල ආරම්භ කරමින් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ මහතා වෙත සහ බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී එහි අධ්‍යක්ෂිකා උපුලි විජයමාන්න මහත්මිය වෙත සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් හා ත්‍යාගයන් පිරිනමන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment