නිදාගෙන සිටි පොලිස් නිලධාරියා සගයාට ගිනි අවිය දික්කරලා

61

සැකකරුගේ වැඩ තහනම්

පැමිණිලි මේසය මත හිස තබාගෙන නිදා සිටි තමාව අවදි කළැයි කුපිත වී තවත් පොලිස් නිලධාරියකුට රිවෝල්වරයක් එල්ල කර මරණ තර්ජන කළ බව කියන කහතුඩුව පොලිසියේ කොස්තාපල්වරයකුගේ සේවය තහනම් කර තිබේ.

පැමිණිල්ලක් සිදුකිරීම සඳහා පෙරේදා (18දා) උදෑසන පුද්ගලයකු පොලිසියට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇත.

නිදාගෙන සිටි තමාට, පැමිණිල්ලක් කිරීමට පැමිණි පුද්ගලයා ඉදිරියේ අපහාසයක් කළේ යැයි කියා කෝප වූ මෙම කොස්තාපල්වරයා, ඔහු ළඟ තිබූ රිවෝල්වරයෙන් මෙසේ මරණ තරජන සිදුකර තිබේ.

මෙම තත්ත්වය නිසා රාජකාරි වාර්තා කිරීමට පැමිණි සෙසු පොලිස් නිලධාරීන් පවා කලබලයට පත්වී තිබේ. පැමිණිල්ලක් ආවා, ලියාගන්න යැයි නිදා සිටි කොස්තාපල්වරයාට මෙම දැනුම්දීම කර ඇත්තේ පොලිසියේ දුරකථන ක්‍රියාකරුය. සිද්ධිය පිළිබඳව කහතුඩුව පොලිසිය විමර්ශනයක් කරගෙන යයි.

මේ අතර ගල්ගමුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් සටහන් නොකිරීම පිළිබඳව එම පොලිසියේ සැරයන්වරයකුට එරෙහිව ද ගල්ගමුව පොලිසිය විමර්ශන කරගෙන යයි.

සිය පියාගෙන් තමන්ට හිරිහැර සිදුවන බවට දරුවකු කළ පැමිණිල්ලක් මෙසේ සටහන් කිරීමට අදාළ සැරයන්වරයා ක්‍රියාකර නැත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment