මොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර අන්දායම්පොළ ප්රදේශයේ පදිංචි කාන්තාවකට නින්දේ සිටියදී අතවරකළ සැකකරුවෙකු අත්අඩංගුවටගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර ඇත.
අතවරයට ලක්වූ කාන්තාවගේ සැමියා කොළඹ ප්රදේශයේ රැකියාවක නිරතව සිටින අතර දරු දෙදෙනා සමඟ ඇය ඉකුත් 10 වැනිදා නිවස අසල පිහිටි මල්වර උත්සවයකට ගොස් රාත්රී 10.00ට පමණ ආපසු පැමිණ නින්දට ගොස් ඇත.
එසේ නිදාගෙන සිටියදී ඇඳ අසල පුටුවක කිසියම් අයෙකු සිටිනු දැක තිබේ.
ඇය කෑගසන විට කට සහ ගෙල මිරිකා මරණ බවට තර්ජනයකර අතවරකර ඇත.ඒ අවස්ථාවේදී ඇයගේ පුතා කොස්සක් රැගෙන පැමිණ ඔහුට පහරදීමට උත්සාහකළ අවස්ථාවේදී සැකකරු පිටුපස දොර විවෘත කරගෙන පළාගොස් ඇත.
සැකකරු මල්වර උත්සවයට සහභාගීවූ අයෙකු බව ඇය විසින් හඳුනාගෙන තිබේ.
මොනරාගල පොලිස් ස්ථාන පී.එස් චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.
|