නිදි යහනේ සිටි සැමියාට බිරිඳ ගිනි තබයි – දෙපා පිළිස්සී සැමියා රෝහලේ

264

පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ විසින් සිය සැමියාට ගිනි තබා ඇතැයි මොරටුමුල්ල පොලිසිය පවසයි.

සැකකාර බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ දීර්ඝ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එම සබඳතාවය හේතුවෙන් අඹුසැමි යුවළ අතර විටින් විට ආරවුල් හටගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

ස්වාමිපුරුෂයා නිදාසිටි අවස්ථාවේ බිරිඳ විසින් ඔහුගේ සිරුරට ගිනි තබා ඇති අතර ගින්නෙන් එම පුද්ගලයාගේ දෙපා සම්පූර්ණයෙන් පිළිස්සී තිබේ.

ප්‍රතිකාර සඳහා සැමියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
පින්සිරි ආරියරත්න – රත්මලාන


advertistmentadvertistment