නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති – කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රයකින් ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා

357

ගර්භය කපා අලවා තිබූ අයුරු

* එක් අයෙක් අත්අඩංගුවට –  අනෙක් සැකකරුවන් සොයා පරීක්‍ෂණ

දොලොස්දහසක් මහ රහතන්වහන්සේ එදා වැඩසිටි ඓතිහාසික සිතුල්පව්ව විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය ඊයේ (01 වැනිදා) අලූයම කොන්කී‍්‍රට් කපන යන්ත‍්‍ර යොදා ගෙන හාරා එහි තැම්පත් කර තිබූ නිධන් වස්තු සොරාගත් සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යුද හමුදාව එම ප‍්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති - කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රයකින් ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා

මෙම නිධන් සොරකමට සම්බන්ධ එක් පුද්ගලයකු ඊයේ අලූයම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

නිධන් සොරුන් විසින් කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය අඩි දෙකක් පමණ යටට හාරා නිධන් වස්තු සොරගෙන පසුව එම ගර්භය කොටස නැවත තිබූ ආකාරයට පිළිසකර කර ඇති බව පොලිසිය පවසයි. චෛත්‍යයේ ගර්භය හාරා විනාශ කිරීම සඳහා නිධන් හොරුන් යොදාගත් කොන්ක‍්‍රිට් කපන යන්ත‍්‍ර සහ තවත් උපකරණ කීපයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති - කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රයකින් ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා

මෙහිදී අත්අඩංගුවට ගත් නිධන් සොරකමට සම්බන්ධ පුද්ගලයා දෙබරවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට නිධන් හොරුන් ඓතිහාසික සිතුල්පව්ව විහාරයට ඇතුළු වී ඇත්තේ පෙරේදා (31 වැනිදා) රාත‍්‍රි 8.00 ට පමණය. සිතුල්පව්වට පැමිණෙන ප‍්‍රධාන මාර්ගය මඟහැර කැලෑබද මාර්ගයක් ඔස්සේ නිධන් හොරුන් පිරිස එහි ඇතුළු වී ඇත.

නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති - කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රයකින් ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා

පසුව කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය ඉතාම සූක්‍ෂම ආකාරයට කොන්ක‍්‍රීට් කපන මැෂින් යොදාගෙන හාරා ඇති නිධන් හොරුන් පසුව ගර්භයට ගඩොල් අතුරා ප්ලාස්ටර් පැරිස් යොදා එය නැවත තිබූ ආකාරයටම සකසා තිබේ.

නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති - කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රයකින් ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා

කුඩා සිතුල්පව්ව චෛත්‍යය පිහිටි ප‍්‍රදේශයේ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වන ශබ්දය ඇසීමෙන් පසු ඊයේ අලූයම පොලිස් කණ්ඩායමක් එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කර ඇත.

නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති - කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රයකින් ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා

ඒ වන විට සිතුල්පව්ව පොලිසිය සහ හමුදා ආරක්‍ෂාව යොදවා තිබූ අතර කුඩා සිතුල්පව්ව චෛත්‍යය පිහිටි ප‍්‍රදේශයේ විමර්ශන කර ඇත්තේ එම නිලධාරීන් විසින් ය.

එහිදී චෛත්‍යය හාරා නිධන් ගනිමින් සිටි සංවිධානාත්මක කණ්ඩායම පොලිසියට හමු වී ඇත. පොලිසිය දැක කලබලයට පත් වූ නිධන් හොරුන් කැලෑවට පලා ගොස් ඇති අතර ඒ අවස්ථාවේ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.

නිධන් වස්තු ලබාගැනීමට චෛත්‍යයේ කඩා දැමූ කොටස නැවත තිබූ ආකාරයට සකස් කිරීමට නිධන් හොරුන් දැඩි උත්සාහයක් ගෙන තිබූ බව පොලිසිය පවසයි.

නිධන් වස්තු හොරකමට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ‍්‍රී දමින්ද මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

හේමන්ත රන්දුණු සහ කතරගම – කේ. ඞී. දේවපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment