නිපෝන් පේන්ට්  ටී-10 ශුරතාව ගුවන් හමුදාවට

57

කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය සහ නිපෝන් පේන්ට් ලංකා එක්ව සංවිධානය කරනු ලැබූ නිපෝන් පේන්ට් කුසලාන අන්තර් සමාජ ටී10 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.

 කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 10දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 80ක්

 රැස් කිරීමට සමත් විය. ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

 දින 3ක් පුරා ක්‍රියාත්මක වුණු  තරගාවලියේදී ශූරතාව සඳහා කණ්ඩායම් 8ක් තරග වැදුණු අතර එහිදී තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාවට හිමි ලුමාලා බයිසිකලය දිනා ගැනීමට ගුවන් හමුදාවේ චමරි පොල්ගම්පල සමත් වූවාය.

 තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය සහභාගි වී සිටියාය.

 ලකුණු සටහන

 ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පන්දුවාර 10දී කඩුලු 4කට ලකුණු 80යි (රෝෂිණි පෙරේරා 20, අයේෂා චන්ද්‍රසිරි 21, සිතුමිණි පීරිස් 14, ඉනෝෂි ප්‍රනාන්දු 01/6, චමරි පොල්ගම්පල 01/8, කේ.කේ. සුරන්ති 01/11)

 ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 83යි (ඩිලානි මනෝදරා (නොදැවී) 35, චමරි පොල්ගම්පල 16, ඉරෝෂි ප්‍රනාන්දු (නොදැවී) 17, එස්. බණ්ඩාර 01/4, කුෂාන්ති ලියනගේ 01/6)

advertistmentadvertistment
advertistmentadvertistment