නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

131

කැබිනට් අනුකමිටුව ගෙන තිබෙන නිරීක්ෂණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ගුරු විදුහල්පති සංගම් සමග සාකච්ඡාවක් කරන ලෙස ඊයේ (25 දා) අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං මහතා ‘දිවයින’ට පැවසීය.

 කැබිනට් අනුකමිටුව වෘත්තීය සමිති සමග සාකච්ඡුා කළත් කුමන නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවාද කියා ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් නොදන්නා නිසා ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමට මෙම සාකච්ඡුාව ඉල්ලා සිටින බව ද ස්ටාලිං මහතා කීවේය.

 නව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් මේ වන තෙක් එම අවස්ථාව ලැබී නැතැයි ද හෙතෙම කීවේය.

 රජයන් කිහිපයක් සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට නොහැකි වී තිබෙන මෙම ගැටලූව සම්බන්ධයෙන් වත්මන් රජය විසඳුමක් ලබා දෙන තෙක් ගෙන තිබෙන වෘත්තීය කි‍්‍රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ස්ටාලිං මහතා වැඩිදුරටත් පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment