නිරෝගී දරුවන් එන්නත්කරණය සඳුදා ඇරැඹෙයි

128

නිරෝගී දරුවන් එන්නත්කරණ වැඩසටහනේ පළමු පියවර ලෙස ලබන සඳුදා දින (11 දා) සිට වයස අවුරුදු 18 – 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත‍්‍රාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ රෝහල් පද්ධතියෙන් ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට ඊයේ (07 දා) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ එන්නත්කරණ තාක්ෂණික කමිටුව තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අතර පෙරේදා (06 දා) පැවැති සාකච්ඡුාවකදී ළමුන් එන්නත්කරණයේ දෙවැනි අදියර වන අවුරුදු 15 – 19 ත් අතර නිරෝගී දරුවන් එන්නත්කරණය සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාව පිළිබඳව විමසීමක් සිදු විය.

දරුවන් එන්නත්කරණය හා සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදු කරන්නා වූ යාන්ත‍්‍රණයම යොදාගනිමින් වයස අවුරුදු 15 – 19 ත් අතර වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී යෝජනා කර සිටියේය. තවද, අසාත්මිකතා සහ අනිකුත් රෝගවලින් පෙළෙන දරුවන් සඳහා විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් තුළදී එන්නත ලබා දීම යෝග්‍ය බව පෙන්වා දෙනු ලැබීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment