නිරෝධායන ඇඳිරි නීතිය 6 දා තෙක් දික්වෙයි.. හොඳම ක‍්‍රියාමාර්ග වෛද්‍යවරුන් කියන්න… ජනපති කියයි

178

පවතින අධි වසංගත තත්ත්වය හමුවේ දැනට පනවා ඇති නිරෝධායන ඇ`දිරිනීතිය ලබන සැප්තැම්බර් 06 වැනිදා දක්වා සතියකින් දීර්ඝ කිරීමට රජය ඊයේ (27 වැනිදා* පෙරවරුවේ තීරණය කළේය.

 ඉන්දීය මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග ඉකුත් 30 වැනිදා රාති‍්‍ර 10.00 සිට නිරෝධායන ඇ`දිරිනීතිය පැනවීමට කටයුතු කෙරුණු අතර එය 30 වැනිදා අලූයම ඉවත් කිරීමට නියමිතව තිබිණි.

 එහෙත් ඊයේ (27 දා* ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ කොරෝනා මර්දන කාර්ය සාධක බළකා රැුස්වීමේදී නිරෝධායන ඇ`දිරිනීතිය 06 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

 කෙසේ වෙතත් පෙර දැනුම් දුන් ආකාරයට අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරි පවත්වාගෙන යෑමට මෙහිදී අවසර හිමිවන බව ද හමුදාපතිවරයා ස`දහන් කළේය.

 ඒ අනුව අදාළ රැකියා ස`දහා යන සේවකයන්ට රාජකාරියට යෑමට සහ ඒමට අවසර ලබා දී ඇත.

 මේ අතර එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයකු හෝ ප‍්‍රදේශ වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලූම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

 යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයකු වේ නම් දෙවැනි මාත‍්‍රාව ලබා දෙන ස්ථානයකදී එය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් කෙරිණි.

 එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප‍්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

 මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක‍්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප‍්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යෑම වාර්තා වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 කොවිඞ් ආසාදිතයකු නොවන සහ නිවසේ කිසිවකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයකු මිය ගියහොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

 නිවෙස්වල ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක‍්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 මේ අතර සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ අනුව ගෙවී ගිය දින පහක කාලය තුළ මෙරටින් කොරෝනා මරණ දහසක් වාර්තා වී තිබේ.

 එම මරණ සංඛ්‍යාවත් සමග 7000 සේ සීමාවේ පැවැති මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දින පහක් තුළ 8000 ඉක්මවා ගොස් ඇත.

 මෙරට වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරනු ලැබූ මරණ 209 සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8000 ඉක්මවා යමින් 8157 දක්වා ඉහළ ගොස් තිබිණි.

 එසේම මේ වන විට ගර්භණී මව්වරුන් තිස්දෙනකු කොරෝනා තුන්වැනි රැල්ලේදී වෛරසයට ගොදුරුව මරණයට පත්ව තිබෙන බව ද සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.

සමන් ගමගේ


advertistmentadvertistment