නිල් නුවන් පෙඟෙන අඳුරේ ඔහු නික්ම ගියේය…

267

මෙරට සුභාවිත ගීත කලාව වෙනුවෙන් ඔහු කළ මෙහෙවර සුවිශාලය. මෙරට සාහිත්‍ය කේෂ්ත‍්‍රයට තම ප‍්‍රතිභාව මුසුකළ සාහිත්‍යකරුවෙකු මෙන්ම කලා ගුරුවරයෙකු වූද ඔහු පසු ගියදා ජීවන වේදිකාවෙන් බැස ගියේය. කොපර කොපර පිපිඤ්ඤ” චක්ගුඩු ගුඩු ගුඩු චක්ගුඩුගුඩු” රජ්ජුරුවෝ උඩයි උඩයි” සාදු සාදු බුදු පෙරහැර” ඉස්සර වගේ දුව පැන යන එන” පින්න මලේ සුද ඇන්න ගිහින් වද වැනි ගීත රැුසක් මෙරට ගීත කලාවට දායාද කළ ඔහු නමින් ප‍්‍රවීණ ගී පද රචක අමරසේන කංකානම්ය. විශාරද එඞ්වඞ් ජයකොඩි වෙත මනෝරම්‍ය ගීත රාශියක්ද ලියා ඇති ඔහු කැලණිය ගුරුකුල විද්‍යාලයේ කලා ගුරුවරයෙකු ලෙසද කටයුතු කර ඇත. මොහු අපහැර යන විට 79 වැනි වියේ පසුවිය.
 
 මීවිත ඇසීමක කියැවීම විශේෂාංගයට 2020 නොවැම්බර් මස 15 වැනිදා පළකළ සම්මුඛ සාකච්ඡුාවෙන් කොටසක් අපි යළි මෙලෙස පළ කරනුගේ ඔහු මෙරට සුභාවිත ගීත කලාව වෙනුවෙන් කළ මෙහෙවර එලෙස සුළුවට තැකීමට නොහැකි නිසාමය. එ් වගේම අප මේ ශේ‍්‍රෂ්ඨ ප‍්‍රවීණ ගී පද රචකයා ජීවත්ව සිටින කල ඇගයීමට ලක්කළ බවද මීවිත පාඨකයන්ට පැවැසීම අපගේ යුතුකම සහ වගකීමක්ද වේ.
 
 
 
 * ඔබ ලියූ පළමු ගීතය මතකද?
 
 මට මතක හැටියට මම මුලින්ම ලිව්වේ 82 වගේ. ඒ දවස්වල එඞ්වඞ් ජයකොඩිට ඕනවෙලා තිබුණා රූපවාහිනියේ ගායනා කියන වැඩසටහනට රබන් පද ආශ‍්‍රයෙන් ගීතයක් නිර්මාණය කරන්න; ළමයින්ට. ඒ ගැන මට කිව්වහම ඉතිං මං කිව්වා” අනේ එඞ්වඞ් මම නං සිංදු ලියන්න දන්නේ නෑ” අපි පුස්තකාලෙත් බලලා රබන් පද වලින් මොනවහරි කරමු කියලා. හැබැයි මගේ හොඳ වෙලාවකට ද කොහෙද රබන් පද අවශ්‍ය පරිදි හොයාගන්න බැරිවුණා. ඒක හින්දා මට සිද්ධ වුණා ඔහුට රබන් පද ආශ‍්‍රයෙන් ළමා ගීතයක් නිර්මාණය කරන්න. දැන් ඒ වැඩසටහන නෑ. මට මතක හැටියට ඒක නිෂ්පාදනය කළේ සිසිර කොතලාවල. ඔහුට තමයි හදිසියේ ඕක ඕන උනේ.
 
 * මොකක්ද ඒ ගීතය?
 
 මට මතක හැටියට ඒ ගීතයේ වචන ”අත්තන මල් සේල ඇන්ද” ඉඟ වටකොට හවරි බැන්ද” රබාන සුරතට අරගෙන” වයමු එක්වෙලා.” ළමයි සහ එඞ්වඞ් එකතුවෙලා තමයි ඒ වැඩසටහනේදී මේ ගීතය ගැයුවේ. ඉතිං කොහොමහරි එතනින් තමයි මම සිංදු ලියන්න පටන් ගත්තේ. ඔය ගීතයේ සංගීතය එඞ්වඞ් ගේ.
 
 * එඞ්වඞ් ජයකොඩි මහතා සමග මෙතරම් මිත‍්‍රත්වයක්
 
 ගොඩනැගුනේ කොහොමද?
 
 මම කැලණිය ගුරුකුල විද්‍යාලයේ කලා අංශ භාරව හිටියේ. උසස්පෙළ ළමයින්ට සිංහල ඉගැන්නුවේ මම. මට මතක හැටියට ගුරුකුල දිනය යෙදිලා තිබුණ ජුලි පළවෙනිදා පාසලට ආවා ගුරුවරයෙක්. මට කව්රුහරි ඇවිත් කිව්වා අන්න එඞ්වඞ් ජයකොඩි කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවයි කියලා. මං කවදාවත් ඔහුව දැකලා නෑ. පහුවෙනිදා ඒ කියන්නේ ජුලි දෙවෙනිදා උදේ අපේ ඉස්කෝලේ හිටපු ප‍්‍රින්සිපල් රාමනායක මහත්තයා එඞ්වඞ් ජයකොඩි එක්කගෙන ඇවිල්ලා මා ළඟට දුන්නා. මෙන්න ඔයාට සෞන්දර්ය අංශයට හොඳ සංගීත ගුරුවරයෙක් අපි එක්කගෙන ආවා; පුළුවන් තරං වැඩ ගන්න කියලා. එතකොට ගුරුකුලේ තමයි එඞ්වඞ්ගේ මුල්ම රජයේ පත්වීම. මම 76 ඉඳලම ගුරුකුලේ උගන්වමින් හිටියා. එතනින් තමයි අපේ හිතවත්කම ගොඩනැගෙන්නේ. තවමත් ඒ හිතවත්කම ඒ විදිහටම තියෙනවා.
 
 * දැන් එතකොට ඔය පින්න මලේ ගීතය එහෙම ලිව්වේ?
 
 එඞ්වඞ් දවසක් මට කිව්වා ”මේ… අමරේ” මට කැසට් එකක් කරන්න නං ඕනකම තියෙනවා. මට සිංදුවක් හෝ දෙකක් දෙන්න” කියලා. මං ඇත්තමයි එඞ්වඞ්ට කිව්වා අනේ එඞ්වඞ් මං සිංදු ලියලා නං නෑ” කැසට් ඒවා මේවා ගැන මට කිසි අවබෝධයකුත් නෑ කියලා. ඒ ගමන එඞ්වඞ් කිව්වා කමක් නෑ කමක් නෑ ඔයාට ලියන්න පුළුවන්. මං දන්නවා ඔයාට ලියන්න පුළුවන් බව. බැරිඋනොත් අපි හරිගස්සගමු කෝ කියලා” කොහොමහරි සිංදු දෙකක් ලියලා දෙන්න කිව්වා එයා ගේ කැසට් එකට. අන්තිමේදී මම සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි පින්න මලේ කියන ගීතය. අනිත් ගීතය තමයි නිල් නුවන් කියන ගීතය. මේ ගීත දෙකේම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත දෙකම ජනප‍්‍රිය වුණා.
 
 
 
 * ”නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී”…..
 
 ජී.බී.සේනානායකගේ අර නිශ්ශබ්දතාවය වගේ හිතේ තමයි තාමත් එයාගේ ආදරය තියෙන්නේ. මං හදවතේ දොරටුව දැන් ඔබ නමින් විවෘත කරලා තියෙන්නේ. ඒ වුණාට තවම ඔබගෙන් ඒකට කිසිම ප‍්‍රතිචාරයක් නෑ. ඊළඟට මේ පෙම්වතාට කල්පනා වෙනවා මේ ආදරය මොනතරම් පරිසරයත් එක්ක බද්ධ වෙනවද සමපාත වෙනවද කියලා. අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා” පරිසරය කොයිතරන් සශ‍්‍රික වෙලා තියෙනවද? දැන් අඩුවෙලා තියෙන්නේ මේ තරුණියගේ ආදරය විතරයි. ඔන්න ඔහොම ලියනකොට හැබැයි මට පොඩි අදහසක් ඔළුවට ආවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ තියෙනවනේ අර වල්මත් වී හසරක් නොදුටුමි කියලා නවකතාවක්. ඒකෙ එක තැනක තියෙනවා කපක් මුළුල්ලේ මුහුදු දියෙන් සේදුනු සක් පබලූන් සේ යනුවෙන්. අන්න ඒකෙන් තමයි මම ගත්තේ කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින් මගේ හිත ගොළුවෙලා කියන එක. පේ‍්‍රමය කියලා කියන්නේ ජීවිතයට ඉතාමත්ම සතුට දනවන අවස්ථාවක්නෙ. අනික අපි ළඟ ආදරය තියෙනවනේ. කා ළඟද ආදරය නැත්තේ. ඒක හින්දා විශේෂම කාරණයක් නැති නමුත් අපි අවංකව කතා කළොත් ලස්සන තරුණියන් යනකොට බලනවනේ. ඒ තරුණියන් බිම බලා ගෙන ගියාට අපි බලනවනේ. ඒකනේ ඇත්ත. ඉතිං අපි ඒ බලන්නේ ඒ සෞන්දර්යය විඳින්න මිස වෙන දේකට නෙමෙයිනේ. එවැනි අවස්ථාවලදී අපේ හිතේ ඇතිවෙනවා නොයෙකුත් සංකල්ප රූප. මං හිතන්නේ එවන් අවස්ථාවක හිතේ මතු වෙච්ච සංකල්ප රූප තමයි මේ ගීතය තුළ තියෙන්නේ.
 
 * ලස්සන තරුණියන් දැකලා ගීත ලිව්වා… ආදරණීය බිරිඳට ගීතයක් ලිව්වේ නැද්ද?
 
 ඇයි නැතුව. ඇය ගැනම හිතලා ලියූ ගීත තිබෙනවා. හැබැයි ඇයවත් දන්නේ නෑ. ඇත්තටම සමහර ගීතවල පද ලස්සන උනත් ඒ ගීත ජනප‍්‍රිය වුණේ නෑ. තිලක් ගුණතිලක කියන්නේ එච්.එම්. ජයවර්ධනයන්ගේ ඥාති සහෝදරයෙක්. ඔහු ගැයුවා මා බිරිඳ ගැන ලියූ ගීතයක්. ”සම්බුලා ඒ ජාතකේ” දුක් වලප කී කුමරියද මේ” මං දන්නේ නෑ මේ කාරණේ දැන් නම් ඇගේ මං පණ වගේ” හැන්දෑ උනොත් හුළු අතු බැඳන්” එලියට ඇවිත් ඈ මන්දිරෙන්” කුස ගින්දරින් ඇස දල්වමින්” දරුවන් එතියි ඇත මග බලං” නමින්. මේ ගීතයේ සංගීතය එච්.එම්. ජයවර්ධනගේ. අම්බපාලි කියලා කැසට් පටයකට මේක නිර්මාණය කළේ. නමුත් ගීතය ජනගත වුණේ නෑ.
 
 * ”කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලූවොත් දෙසඤ්ඤා””
 
 පස්සේ කාලෙක ගායනා වැඩසටහනට නැවත ගීතයක් ලියන්න වූ අවස්ථාවක තමයි මේ ගීතය ලිව්වේ. සාමාන්‍යයෙන් ඉස්සර සාමුහික ක‍්‍රීඩාවලට ළමයි නිතරම පෙලඹෙනවා. ඉස්කෝලෙදි උනත් ළමයි කාණ්ඬේ එකතු වෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරනවා. එහෙම නැත්නම් ඔය වෙලේ ගොයම් කපලා පාගලා ඉවර උනාට පස්සේ කට්ටිය එකතු වෙලා ඔය සාමූහික ක‍්‍රීඩා කරනවා. සාමූහික ක‍්‍රීඩා කියන එක විතරක්ම නෙමෙයි මට ඕකෙදි කියන්න ඕන උනේ. ළමයින්ට ඔය ක‍්‍රීඩා ඔක්කොම නැතිවෙලා අලූත් අලූත් දේවල්” තුවක්කු අරවා මේවා තමයි දැන් ක‍්‍රීඩාවලට ළමයි පාවිච්චි කරන්නේ කියන හැඟීම තමයි මට ඒ ගීතයෙන් දෙන්න ඕන උනේ. වෛවාරණ සෙල්ලං බඩු ගමට ඇවිල්ලා කියන්නේ ඒකනේ. අපි පොඩි කාලේ ළමයි එකට එකතුවෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරලා තියෙනවා. හරි සුන්දර ක‍්‍රීඩාවක්. ඒ ආකෘතිය තුළ ඉඳගෙන තමයි දෙමව්පියන් දරුවන්ට දිය යුතු දේවල් මොනවද නොදිය යුතු දේවල් මොනවද කියන එක මතක් කරලා දෙන්න මං මේ විදිහට ගීතය ලිව්වේ.
 
 * ඔබේ ගීත ගැන විතරක් මදිනේ ඔබේ ගෙදර ගැනත් කියන්න ඕන නේද?
 
 දකුණු පළාතේ මාතර අපරැුක්ක කියන ගමේ මම ඉපදුනේ. දැන් ඉන්නේ නාවල. සෑහෙන කලක් වෙනවා නාවල පදිංචි වෙලා. මගේ අම්මා තාත්තා දැන් අපි අතර නැහැ. සහෝදර සහෝදරියන්ගෙන් ඉන්නෙත් මං විතරයි දැන්. මගේ බිරිඳ ලීලා කංකානම්ගේ කොළඹ නගර සභාවේ සේවය කළේ. ඇය දැන් විශ‍්‍රාමිකයි. මමත් විශ‍්‍රාමිකයි. දුව සඳරශ්මිකා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවය කරන්නේ. පොඩි කාලය ගැන කතා කරනකොට අපේ ගම කියන්නේ කලාගාරයක්. හැමදාම මොකක්හරි ගමේ තියෙනවා. එක්කෝ තොවිල් ගෙයක්. එහෙම නැත්නම් පන්සලක නාට්‍යයක්. පෙරහැර” ඒවායේ රබන් ගහන මිනිස්සු ඉන්නවා. රබන්කාරයෝ අපේ ගම්වලට එනවා. අපිත් ඕවා දිහා බලාගෙන ඉන්නවා. මට මතකයි මං පහ වසරේදී මං එක නාට්‍යයක රඟපෑවා සඳ කිඳුරු නාට්‍යයේ. ඒ වාගේ හැමදාම මොනවහරි එකක් ඒ ගමේ තියෙනවා. කවි සිංදු ගීත ඒවායින් පිරිලා තිබුණේ ගම. දැන් නං ඒවා වෙනස් වෙලා. දැන් ඒ මිනිස්සුත් නෑ. මං හිතන්නේ අපි ඒකෙන් තමයි ආභාසය ලබලා තියෙන්නේ. කොයිහැටි උනත් එදා එඞ්වඞ් ඉදිරිපත් උනේ නැත්නම් එඞ්වඞ් ආවේ නැත්නම් එඞ්වඞ් හම්බුනේ නැත්නම් මං ගීත රචකයෙක් වෙන්නෙ නං නෑ.
 
 
– යුගන්ති යශෝධරා

advertistmentadvertistment