දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටියදී මාස 07ක් තිස්සේ අතුරුදන්ව සිටි රුපියල් 1,50,000/=ක් වටිනා නිල් මාල ගිරවා යළිත් ඊයේ සත්වෝද්‍යානයට ලැබී ඇත. මෙම ගිරවා පසුගිය මැයි මාසයේ 7 වන දින සිට අතුරුදන්ව තිබුණ අතර ,තවත් රුපියල් 3,50,000/= ක් වටිනා නිල්කහ මැකෝ ගිරවෙකු අගෝස්තු මස 8 වන දින සිට කූඩුවෙන් පැන ගිය බවට වාර්තා වී තිබුණි .
|