නිලූකට අද තවත් අවස්ථාවක් – චාමාරත් තරග බිමේ

142

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන අද (26) ශ‍්‍රී ලංකාවේ චාමර නුවන් ධර්මවර්ධන (ජූඩෝ) සහ නිලූක කරුණාරත්න (බැඞ්මින්ටන්) තරග බිමට පිවිසීමට නියමිතය.

කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ජූඩෝ තරගයට සහභාගි වන චාමර නුවන් ධර්මවර්ධන ෆැසිපික් කලාපයීය රටක් වන ජිබුටි ක‍්‍රීඩක ඇඩන් ඇලෙක්සැන්ඩ‍්‍ර සමග තරග වදියි.

තරග සැලසුමට අනුව නිතරග ජයග‍්‍රහණයක් සහිත වාසියක් සමඟින් ඉදිරියට පැමිණ සිටින චාමර නුවන් ධර්මවර්ධන මෙම තරගයේ දී උපරිමය ප‍්‍රදර්ශනය කරනු ඇතැයි ඔහුගේ පුහුණුකරු අමල් රත්නායක මහතා අපේක්ෂා කරයි.

මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවන ඔහු නොකඩවා සහභාගි වන දෙවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙය වෙයි.

මීළඟ වටයට සුදුස්සකු වීම වෙනුවෙන් ලැබී ඇති අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට නිලූක කරුණාරත්න අද (26) පස්වරු 03.50 ට තම දෙවන තරගයට ඉදිරිපත් වේ.

ඔහු එහිදී අයර්ලන්තයේ එන්. නුගුයෙන් ක‍්‍රීඩකයාට එරෙහිව තරග වැදීමට නියමිතය.

– අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment