නිල රථයෙනුත් ආදර්ශය දුන් ඇම්. ඩී. බණ්ඩා ඇමැතිවරයා

347

තම නිල රථය රාජකාරී කාර්යයන්ගෙන් බැහැරවව පෞද්ගලික කටයුතු සඳහා කිසි විටෙක පාවිච්චි නොකළ අවංක දේශපාලනඥයකුගේ 110 වැනි ජන්ම දිනය මාර්තු 09දාට යෙදී ඇත. 1914.03.09 දින පොල්ගහවෙල පණලියේ ප්‍රභූ පවුලක උපත ලැබූ මොහොට්ටාලගේ ඩිංගිරි බණ්ඩා නොහොත් රට ම දන්නා ඇම්. ඩී. බණ්ඩා මැතිතුමායි. ඔහුගේ පියා මොහොට්ටාලගේ උක්කු බණ්ඩාය. මව වෙලගෙදර මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකා ය. කොළඹ නාලන්දා විiාලයේ හා මහනුවර ශාන්ත අන්තෝනි විiාලයෙන් අධ්‍යාපනය ලබා ලන්ඩන් උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා විශ්වවිiාලයෙන් ද උපාධියක් හිමි කරගෙන සිවිල් විභාගයෙන් සමත්ව :ෘඍධ* ආදායම් පාලක නිලධාරි තනතුරෙහි නිරත වූහ. මතුරට හඟුරන්කෙත ආදී ප්‍රදේශවල ඔහුගේ සේවය හරි හැටි කළ නිසා දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී 1943 නුවරඑළිය ආසනයට තරග වැදි ජයග්‍රහණය කළේය. 1947 මහ මැතිවරණයෙන් මතු රටින ජය ගෙන කම්කරු උප ඇමැති 1950 කම්කරු ඇමැති 1952 අධ්‍යාපන ඇමැති, 1956 මතු රටින් ජය ගත් ඇම්. ඩී. බණ්ඩා මහතා 1960 මාර්තු, ජූලි මැතිවරණයෙන් ජය ගෙන ආහාර හා වෙළෙඳ ඇමැති ලෙස කටයුතු කරන ලදී. 1965 පොල්ගහවෙල ආසනයට තරග වැදුණු ඇම්. ඩී. බණ්ඩා මැතිතුමා ආහාර හා කෘෂිකර්ම ඇමැති වශයෙන් කටයුතු කරන ලදි. එම වකවානුවේ ආදායම් පාලක නිලධාරී වශයෙන් කටයුතු කළේ යූ. බී. විජේකෝන් මහතා ( ෘඍධ). පොල්ගහවෙල සුළු නගර සභාවේ නගරාධිපති වශයෙන් ආර්. ඒ. එස්. රණසිංහ මහතා කටයුතු කළේය පොල්ගහවෙල දුම්රිය ස්ථානය තැපැල් කාර්යාලය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය පොල්ගහවෙල රෝහල දැවැන්ත ජල යෝජනා ක්‍රම ආදී ව්‍යාපෘති ආරම්භ කළේය.

එතුමා 1965 – 1970 දක්වා කෘෂිකර්ම ඇමැති වශයෙන් කටයුතු කරද්දී 1969 පේරදෙණිය ගන්නෝරුව කෘෂිකර්ම ගොවි පොළට යෑමට සිදු විය. තම බිරිඳ වන කුමාරිහාමි මහදිවුල්වැව මැතිනිය එදින උදෙන් ම මහනුවර වැඩිමල් දියණියගේ කාර්යයක් සඳහා දන්ත රෝහලට යෑමට අවශ්‍ය බව තම සැමියා වූ බණ්ඩා මහතාට සැළකළේය. ඇමැතිතුමාත් නිල රථයෙන් යන නිසා එතුමා සමඟම දන්ත රෝහලට යෑමට හැකි දැයි ඇමැතිවරයාගෙන් ඇසුවේය. නමුත් එසේ රැගෙන යෑමට නොහැකි බව ඔහු දන්නවා සිටියේය. ඔහු එසේ කළේ තම පෞද්ගලික කටයුතුවලට නිල රථය භාවිතය කළ නොහැකි බව අවධාරණය කරමිනි. එදින කුරුණෑගල ඩී. බී. වෙලගෙදර මැතිතුමාගේ මස්සිනා වූ පේරාදෙණිය පශු වෛi රෝහලේ වෛi සරත් මාපා ගුණරත්න මහතා එම මැතිනියට දුම්රියෙන් සරසවි උයනට පැමිණෙන්නැයි ආරාධනා කළේය. එම දෙදෙනා සරසවි උයන දුම්රිය ස්ථානයට ළඟා වූ පසු දොස්තර මහතා පැමිණ ඔවුන්ව දන්ත රෝහලට රැගෙන ගොස් අවශ්‍ය කටයුතු කර දී නැවත සරසවි උයන දුම්රිය ස්ථානයෙන් පොල්ගහවෙල යෑමට සැලසීය. ඇම්. ඩී. බණ්ඩා මැතිතුමාට දියණියන් හතර දෙනෙකි. පුතුන් තිදෙනා ගාමිණි, සේනක, සෙනරත්, ආනන්ද විiාලයේ නේවාසිකාගාරයෙහි නැවතී ඉගෙනීම් කටයුතු කළහ. ඔවුන්ගේ යහළුවන් වූයේ ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර යන අයයි.

මෙවැනි අවංක තම නිල රථය රාජකාරියෙන් පිට කිසිම කටයුත්තකට භාවිතා නොකළ උතුමන් අද විරලය. අද දේශපාලකයින්ට එදා සිටි ඇම්. ඩී. බණ්ඩා මැතිතුමා වැනි අවංක දේශපාලකයන් ආදර්ශයක් වනු නොවනු මානය. 1974-09-18 දින එතුමා අභාවප්‍රාප්ත විය. එතුමාට නිවන් සුව ලැබේවා.

පොල්ගහවෙල කුලරත්න රණසිංහ,
ඇම්. ඩී. බණ්ඩා අනුස්මරණ පදනමේ සාමාජික

advertistmentadvertistment
advertistmentadvertistment