නිවසේ ඇතිවූ හදිසි ගින්නට කොටුවී  තිදරු මව මරුට

401

නාඋල පොලිස් වසමේ පිලිහුඩුගොල්ල ගම්මානයේ නිවසක ඉකුත් 5 දින රාත්‍රී ඇතිවූ ගින්නක් හේතුවෙන් තිස් හතර හැවිරිදි තිදරු මවක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි.

නිවසේ ඇතිවූ හදිසි ගින්නට කොටුවී  තිදරු මව මරුට

එදින රාත්‍රි 10.00 පමණ නිවසේ පිහිටි කාමරයක බුදු කුටියේ පහන් දැල්වීමෙන් අනතුරුව ගින්නක් හටගෙන ඇත. සැණෙකින් ගින්න කාමරය පුරා පැතිර ගොස් තිබේ. පසුව ගින්න නිවා දැමීමට තැත් කිරීමේ දී අදාල කාන්තාව බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් එක්ව ඇය වහා මාතලේ මුලික රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රතිකාර ලබන අතරතුර ඇය මිය ගොස් තිබේ. මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇත්තතේ ජේ.සුජිවා සුමනසිරි නමැති තිස් හතර හැවිරිදි තිදරු මවකි.

බුදු කුටිය පිහිටි කාමරය තුළ ගින්න හටගත් ආකාරය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නාඋල -නිමල් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment