කොවිඞ් 19 වෛරසය ආසාදනය වීම නිසා නිවසේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ට මතුවිය හැකි බරපතළම තත්ත්වයක් වන්නේ හුස්ම ගැනීමේ අපහසුතා මතුවීමය. එය අවම කරගෙන පෙනහලූ ක‍්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගැනීමට
අනුගමනය කළ හැකි උපදෙස් කිහිපයක් මෙසේය.
නිදාගැනීමේ නිවැරදි ඉරියව්

නිදාගැනීමේදී මුණින් අතට හැරී නිදා ගන්න. එහිදී දකුණට සහ වමට හැරෙමින් ඉරියව් වෙනස් කරමින් නිදා ගැනීම වඩාත් සුදුසුය.
මෙලෙස නිදාගැනීමෙන් පෙණහලූ ක‍්‍රියාකාරිත්වය හොඳින් සිදුවේ.
වැරදි ඉරියව්

උඩුබැලිඅතට නිදා ගැනීමේදී පෙනහලූ ක‍්‍රියාකාරිත්වය හොඳින් සිදුනොවේ. එවිට හුස්ම ගැනීමේ අපහසුතා මතුවේ.
ජංගම දුරකථන භාවිතය

නිවසේ ප‍්‍රතිකාර ලබන බොහෝ කොවිඞ් රෝගීන් වැඩි වේලාවක් ඇඳේ නිදාගෙන සිටින නිසා දවස ගතකිරීමට ඇඳේ උඩුබැලිඅතට වැතිරී වැඩි කාලයක් ගත කරන්නේ ජංගම දුරකථන සමගය. එම ඉරියව්වෙන් හිඳ ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටීම වැදගත්ය.
ඔක්සිමීටර පරීක්‍ෂාව

ඔක්සි මීටරයෙන් සිදුකරන්නේ හදවතේ ස්පන්ධන වේගය පරීක්‍ෂා කිරීමය. කොවිඞ් රෝගීන්ගේ හෘද ස්පන්දන වේගය 96 පමණ අගයකට පහළ බැස ඇත්නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවන්න.
ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය අගය 94 ක් වුවත් නිවසේ ප‍්‍රතිකාර ලබන රෝගීන් 96 අගයකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.
ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා
උපාලි ද සේරම්