හත්වැනිදා රාත‍්‍රී 10.00 ට පමණ 50 දෙනකුගෙන් පමණ සමන් විත මැර පිරිසක් පැමිණ හම්බන්තොට, මයුරපුර ප‍්‍රදේශයේ නිවසක් කඩා බිමට සමතලා කර මවට පහර දී දරු දෙදෙනා සමග මව එළියට ඇද දමා ඇති බවට හම්බන්තොට වරාය පොලිස් ඒකකයට පැමිණිලි කර ඇත.
ඔවුන් කුඩා නිවසක් සාදාගෙන පදිංචිව සිටි නිවස අයත් ඉඩම තවත් පාර්ශවයකට අයත් බවට පවසමින් එම පාර්ශවයේ පුද්ගලයන් අදාළ ඉඩමෙන් ඉවත්වෙන ලෙස අවස්ථා කීපයකදී බලපෑම් කර ඇති බවද ඒ සම්බන්ධව අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදු කොට ඉඩමේ ගැටලූව නිරාකරණය කිරීම සඳහා මයුරපුර මහවැලි අධිකාරී කාර්යාලයටද යොමු කර ඇත. සංචරණ සීමා ලිහිල් කෙරුණු පසු ඉඩම් ගැටලූව නිරාකරණය කර දෙන බවට මහවැලි කාර්යාලය දෙපාර්ශවයටම දැනුම් දී ඇත. එවන් වාතාවරණයක් තුළ පිරිසක් පැමිණ තර්ජනය කර, පහරදී නිවස කඩා දැමීමේ සිද්ධිය වාර්ථා වී තිබේ. සිද්ධිය සම්බන්ධව මේ වන විට හම්බන්තොට වරාය පොලිස් ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පෙරේදා (08 දා) පස්වරුවේද අදාළ පිරිස පැමිණ නැවතත් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි. පොලිසිය මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
සූරියවැව – රොෂාන් ගුණසේකර