නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ කොරෝනා දරුණු වේ

619

ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රාන්තයක් වන නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ දැනට පැතිර යන ‘ඩෙල්ටා’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය නිසා ඉතාමත් දරුණු තත්ත්වයකට පත්වෙමින් සිටින බව ප‍්‍රාන්තයේ අගමැතිනි ග්ලැඩිස් බෙරේජික්ලියාන් පවසා තිබේ. ප‍්‍රාන්ත අගමැතිනියට අනුව පසුගිය වසරේ කොරෝනා වසංගතය පැතිරීම ඇරඹීමෙන් පසු නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තය මෙවැනි තත්ත්වයකට මුහුණ පෑ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

 ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීමත් සමගම ප‍්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඉකුත් සිකුරාදා දිනයේ ආසාදිතයන් 390 දෙනෙකුත්, සෙනසුරාදා දිනයේ 466 දෙනකුත් වාර්තා වී තිබිණි. මෙම තත්ත්වය හේතුවෙන් මෙම ආසාදිතයන්ගෙන් වැඩිදෙනකු වාර්තා වී ඇති අගුලූ දමා ඇති සිඞ්නි නගරයේ නීති දැඩි කර ඇති අතර කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව පනවා ඇති ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 1000ක දඩ මුදල ඩොලර් 5000 ක් දක්වා වැඩි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

 කලක සිට අප යුද්ධයකට මුහුණ දී සිටිනවා. එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස ඉතාමත් දුෂ්කර විය හැකියි ‘නිව්සවුත්වේල්ස්’ ප‍්‍රාන්ත  අගමැතිනිය පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment