නිවැරදි දිශානතියකට රටේ හැරවුම් ලක්ෂ්‍යය මෙහෙයවා ගැනීමට නම්…

260
  • නිවැරදි දිශානතියකට රටේ හැරවුම් ලක්ෂ්‍යය ප්‍රතිනිර්මාණයේදී යොමු විය යුතු පියවරවල් ගැන ඔබේ අදහස කුමක්ද?

දසක කිහිපයක දේශපාලනික පොරපිටියේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෙම්බත් වී සිටින බහුතර ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන්නේ තවදුරටත් තමාව රවට්ටන්නේ නැති සරල පාලන රටාවකටය. සුදු පිරුවටයට මුවාවී තවදුරටත් බඩ වඩා නොගන්නා වචනයේ පරිසමාත්තියෙන්ම අවංක යයි කට පුරා කිව හැකි නායකත්වයකටයි කියපු දේ කියපු ආකාරයටම ජනතා හමුවේ තැබීම, හොරාවට කරන සූක්ෂ්ම වංචා හා දූෂණ පිටුදකින නව පාලන තන්ත්‍රය විසින් මැතිවරණයට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ජනතා සිත් තුළ ප්‍රතිනිර්මාණය කළ නව ශ්‍රී ලංකාව දැන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නව සිහිනය බවට පත්ව ඇත. එම පිරිපුන් සිහිනය යථාර්ථයක් වීම තුළ ජනතා ආශිර්වාදය මොනවට පිළිබිඹු වෙයි. එවැන්නක් නොවේ නම් නොදුටු දියසෙන් සොයා ජනතාව නැවතත් නව ගමනාන්තයක් සොයා යනු ඇත.

  • වෘත්තිය සමිති හා ශිෂ්‍ය අරගල රටේ දියුණුවේ දිශාවට සමගාමීව මෙහෙයවා ගත හැකිද?

පුරා දශක කිහිපයක් තුළ රටේ දියුණුවට අකුල්හෙළුෑ දේශපාලන මඩගොහොරුවේ පෙඟුණු වෘත්තීය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාර රටේ දියුණුවේ ප්‍රතිනිර්මාණයට යොමුකර ගැනීම අත්‍යවශ්‍ය වේ. තමාට විය යුතු දේම ගැන දොඩවන මොවුන්ගෙන් රටට විය යුත්තේ කුමක් දැයි ඔවුන්ට නිසියාකාර අවබෝධ කර දිය යුත්තේ කථාවට වඩා ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව එත්තු

ගැන්වීමෙනි. රටෙන් තමන්ට විය යුක්ත ගැන නොසිතා පළමුව තමන්ගෙන් රටට විය යුත්ත ගැන සිතා වැඩ කිරීම ගැන වෘත්තීය සමිති – ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිවැරදි දිශානතියකට යොමු කළ යුතුයි. සමාජවාදයෙන් උපත ලද චීන සමූහාණ්ඩුවේ වර්තමාන සාර්ථක වැඩපිළිවෙළ තුළ අප දකිනුයේ දිනෙන් දින සමෘද්ධිමත් වන ජනතා අභිලාෂයන් මිස තැනින් තැන මතුවන අරගල නොවේ. වරද පෙන්වා දෙමින් පාලක හා පාලිත ඒකාබද්ධ වැඩපිළිවෙළකට යොමු වීම තුළින් එක රටක් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වන සිහිනය තවදුර ඈත නොවනු ඇත.

  • රාජ්‍ය සේවය සැබෑ අර්ථාන්විත විය යුතු වන්නේ….

නමට පමණක් රාජ්‍ය සේවකයන් යයි බහුතරයක් තවමත් තමන්ගෙන් රටට විය යුත්ත නොසලකා තමන්ට රටෙන් ලැබිය යුත්තේ මොනවාද යැයි යන අදහස් පෙරදැරිව තවමත් කල් මරණ යුගයක රටේ සමෘද්ධියේ මුදුන් මුල වන රාජ්‍ය සේවය 180 කින් වෙනස් කළ යුත්තේමය. මන්ද යත් පුරුද්දට මෙන් පාර්ලිමේන්තුව හා එහි ඔලුගෙඩි 225ට ඇඟිල්ල දික්කරන මොවුන් තව ඇඟිලි 4ක් තමන් දෙසට යොමුව ඇති බව පිළිනොගන්නා නිසාය.

සුන්දර සිරිලකක් උදෙසා පම්පෝරි ගසන වෘත්තිය සමිති හා එකට ඇඟිලි සලකුණ යන්ත්‍රය ක්‍රියාත්මක කර කාර්යක්ෂම සේවා ආරම්භයක් හා අවසානයකට පළමුව යොමු වීම (සියලුම රාජ්‍ය සේවකයින්) හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය. වැඩ කරන කාලය තුළ ආයතනය තුළ රැඳී සිටීම හරහා ගුණාත්මක සේවාවක් සොයා යන ගමන ආරම්භ කළ හැකි අතර ඍණාත්මක ආකල්ප හඳුනා ගැනීම තුළින් ධනාත්මක ප්‍රතිරූපයන් ප්‍රතිනිර්මාණය ඊළඟ පියවර විය යුතුයි.

නිවැරදි දිශානතියකට රටේ හැරවුම් ලක්ෂ්‍යය මෙහෙයවා ගැනීමට නම්…
  • සෞඛ්‍ය සේවයේ අනාගත දිශානතියේ ගමනාන්තය රටේ අනාගතයට කරන බලපෑම…

පසුගිය දශක කිහිපය සලකා බැලීමේදී සෞඛ්‍ය සේවය හා සමාන්තරව පැණනැගුණ අර්බුදකාරීත්වය රටේ පාලන තන්ත්‍රයට ඍජුවම බලපෑමට ලක් විය. රුපියල් සත මුදුනේ තබා ගනිමින් නිරෝගිමත් පිරිපුන් ජනතාවක් කෙසේ වෙතත් පෞද්ගලික සුඛවිහරණයට ප්‍රමුඛතාවය දිය යුතුය යන මානසික ව්‍යාධියකින් පෙළුණු සෞඛ්‍ය පාලන තන්ත්‍රයේ බහුතරයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා ලෝකය තුළ ශ්‍රී ලංකාවට අත්වූ අපකීර්තිය සුළුපටු නොවේ. බාල බෙහෙත්, නොගැලපෙන වෛද්‍ය උපකරණ හා ආශ්‍රිත උපාංග, වෛද්‍ය කේන්ද්‍රීය පරිපාලන ව්‍යසනය, දේශපාලන න්‍යායපත්‍රයන් හා අදාළ පරිපාලකයන්ගේ උපන්ගම කේන්ද්‍රව සේවාව සැපයූ යුතු වන පටු ආකල්ප , සුළු සේවකයාගේ සිට ඉහළ පුටු දක්වා බලාපොරොත්තු වන සන්තෝෂම්, පත්තර බලන, පෞද්ගලික වැඩ කටයුතුවලට, උගස් වන අතිකාල දීමනා, අමාත්‍යාංශයේ පියන් වැඩ කරන අතිරික්ත, වෛiවරු හා ආශ්‍රිතයන්, ඇඟිලි සලකුණු යන්ත්‍ර ප්‍රතික්ෂේප කරන ජනතා හිතවාදී සෞඛ්‍ය සේවයකින් ආදී රසබර මාතෘකාවලට තිත තැබිය යුතුයි.”

  • දේශපාලන වරප්‍රසාද සීමා කිරීම සහ අනාගතය තුළ දේශපාලන භූමිකාව කෙසේ වේද?

මැතිවරණ ප්‍රකාශන හා ඡන්ද පොරොන්දු අතර පෙරදැරි කරගෙන ප්‍රධාන මාතෘකාවක් වුණේ අසීමිත දේශපාලන වරප්‍රසාද සීමා කිරීමේ යෝජනාද වුණා. වරප්‍රසාද කප්පාදුවේ අගතියට යාම තුළින් විද්වත් ප්‍රජාවගේ පාර්ලිමේන්තු ආගමනය ඍණාත්මක වීම අතුරු ප්‍රතිඵලයක් විය හැකියි. එසේම යහමින් මුදල් හදල් පවතින වෙනම ආකාරයේ පිරිසක් මෙතුළින් පාර්ලිමේන්තුවේ ආසන සඳහා හිමිකම් කියන නව ප්‍රවණතාවක් ඇති විය හැකියි.

කප්පාදුව යන වචනය දේශපාලන වාසියක් කර ගැනීම තාවකාලික දෙයකි. ක්‍රමවත් හා විධිමත් බවය එයට එකතු විය යුතුයි. විද්වත්, පරිණත, ප්‍රායෝගික, පළපුරුදු ඇති, දෑත පිරිසිදු මිනිසුන් සඳහා උත්තරීතර පාර්ලිමේන්තුවේ දොරටු විවර කිරීම එළැඹෙන මැතිවරණය තුළ ඡන්ද දායකයන් සතු පරම යුතු කමකි.

එසේ සිංගප්පූරුව ආදී රටවල අගමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රින් ඉහළ වේතනයක් දැරීමත් නිවැරදි ආනතියකට රට පත්ව තිබීමත් උදාහරණ ලෙස මොනවට පැහැදිලි වෙයි.

එවැන්නක් කර තිබෙන්නේ විද්වත් වෘත්තිකයන් දේශපාලනයට ප්‍රවේශ කර ගැනීමටයි.

එවිට දේශපාලනය වඩා යහපත් කර ගැනීමට පදනමක් දැමෙනවා. විද්වත් වෘත්තිකයන්ගේ දැනුම ජාතික දේශපාලනයට හා රට ගොඩනැඟීමට බෙහෙවින් දායක කරගත හැකි වෙනවා. අද සිදුවන්නේ ව්‍යාපාරිකයන් හා මුදල් හදල් තියෙන උදවිය වැඩියෙන් දේශපාලනයට පිවිසීමයි. එහෙම නැතිනම් පොඩි වැටුපකට වරප්‍රසාදයන්ට පත්වෙච්ච අයට වැඩියෙන් උපයා ගන්න දේශපාලනය බිස්නස් එක කර ගැනීමයි. විවිධ දූෂණවලටත් මඟ පෑදෙනවා. එම පසුබිම වෙනස් නොකර කප්පාදු කිරීම් කරලා ඵලක් නෑ.

ආචාර්ය රංග ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment