නිශානිට සියල්ල අහිමි කළ සුරේෂ්ගේ කරුණාව… අබ්ලික්‌ Story

439

‘‘මිස්ට කොහෙටද යන්න ඕනෙ. මට පුළුවන් මිස්ට වාහනයක් සෙට් කරලා දෙන්න.’’

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් ම`ගීන් පිට වෙන ස්ථානයේ රැඳී සිටි තරුණයා නිශානිට කිට්ටු වෙලා විමසුවා.

අනේ…. අයියෙ මං තලවකැලේ යන්න ඕනෙ. ගෙදරින් එන්න කෙනෙක් නැහැ. ඒ නිසා මට හොඳ විශ්වාසවන්ත වාහනයක් හොයලා දෙන්න. නිශානි ආගන්තුක තරුණයට කිව්වා.

‘‘අපෝ ඒක සුළු දෙයක්. මම සුරේෂ් මේ තියෙන්නෙ මගේ ෆෝන් නම්බර් එක. ඔයා ඔහොම ඉන්න මං ටක් ගාලා එන්නම්.

එහෙම කියපු සුරේෂ් නොපෙනී ගියා.

නිශානිට සියල්ල අහිමි කළ සුරේෂ්ගේ කරුණාව... අබ්ලික්‌ Story

නිශානිගෙ උපන්ගම තලවකැලේ. ඒ වනවිට 28 වන වියේ සිටි නිශානි ඩුබායි රාජ්‍යයේ රැුකියාවට ගියේ මීට අවුරුදු 3 කට විතර උඩදියි.

රූප සුන්දරියක් නොවුණත් නිශානි ඇහැට කනට පේන තරුණියක්. එයාගේ මහළු දෙමව්පියෝ ජීවත් වුණේ තලවකැලේ මහගෙදර.

ඩුබායි ඉඳලා ආව නිශානි ගුවන්තොටුපළේ කැරකි කැරකි හිටියෙ තලවකැලේ යන්න වාහනයක් හොයා ගන්න හිතාගෙන. ඒ අතරේදි තමයි එයාට සුරේෂ්ව මුණගැසුණෙ. ටික වෙලාවකට පස්සෙ සුරේෂ් නිශානි ළඟට දුවගෙන ආවා.

‘‘ඔයා නම් මාර වාසනාවන්තයි. තලවකැලේට යන මුස්ලිම් ලේඩි කෙනෙක් ඉන්නවා. එයා වාහනයක් සෙට් කරගෙන ඉන්නෙ. ඔයා කැමති නම් ඒකෙ යන්න පුළුවන්’’ සුරේෂ් නිශානිගෙන් ඇහුවා.

‘‘අනේ සුරේෂ් මං කැමැතියි. නැත්නම් රෑ දෙගාඩහරියෙ මට යන්න කෙනෙකුත් නැහැ. අනික අපි දෙන්නට වාහනේ ගාස්තුවත් බෙදා ගන්න පුළුවන්නෙ.

නිශානි මුස්ලිම් කාන්තාව එක්ක තලවකැලේ යන්න එක පයින් කැමැති වුණා.

‘‘නංගි ඔයා කොහෙ ඉඳලද එන්නෙ. මං නම් කටාර් හිටියෙ. දැන් අවුරුදු 10 ක් වෙනවා එහෙ ගිහින්.

මුස්ලිම් කාන්තාව වෑන් රථයේ තලවකැලේ යන අතරේදී නිශානිගෙන් විමසුවාය.

බැලූ බැල්මට ඇය බොහොම කාරුණික කෙනෙක් බව නිශානිට තේරුණා. නිශානිත් එයාගෙ හැම විස්තරයක්ම මුස්ලිම් කාන්තාවට නොසඟවා කිව්වා. වැඩි වේලාවක් යන්න ඉස්සර මේ දෙන්න බොහොම කුළුපග වුණා.

නංගි මට නම් හොඳටම බඩගිනියි. මගේ ළඟ කෑම තියනවා කමුද? මුස්ලිම් කාන්තාව යෝජනා කළා. ඒ වෙනකොට නිශානි හිටියෙත් හොඳ කුසගින්නෙන්. එයත් කෑම කන්න කැමැති වුණා. මුස්ලිම් කාන්තාව දුන්න කෑම බීම කෑවට පස්සෙ නිශානිට හොඳටම නින්ද ගියා.

නිශානි ඇහැරිලා බලද්දී එයා හිටියෙ මහ පාර අයිනෙ ගහක් යට. ඒ වෙනකොට ? බෝ වෙලා තිබුණා.

මං මේ කොහෙද ඉන්නෙ. කෝ අර අක්කා. මගේ බඩු මුට්ටු ටික කෝ අනේ දෙයියනේ මට මොනවා වුණාද?

නිශානි වැලහින්නක් වගේ අ`ඩන්න ගත්තා. ඒ වෙනකොට අහල පහල හිටිය කීපදෙනෙක් නිශානි වැටිල හිටිය තැනට ඇවිත් හිටියා.

මම රට ඉඳලා ඉන්නෙ. වාහනේක ආවෙ. ඒ අය කන්න බොන්න දුන්නා. ඊට පස්සෙ නින්ද ගියා මොනවා වුණා ද දන්නෙ නැහැ.

නිශානි රැුස්වෙලා හිටිය අයට තමන්ගෙ අසරණකම ගැන කිව්වා. එයාට එක පාරටම මතක් වුණා සුරේෂ්ගෙ දුරකථන අංකය අතේ ලියා ගත්ත බව. නිශානි ළඟ හිටිය කෙනෙක්ගෙ ජංගම දුරකථනයකින් සුරේෂ්ට ඇමතුමක් දුන්නා. අනේ බලන්න සුරේෂ් අයියා අර මිනිස්සු මාව මහ පාරේ දාලා මගේ බඩු මුට්ටු ටිකත් අරගෙන ගිහිල්ලා. අනේ මට පිහිට වෙන්න.

නිශානි හැඬූ කඳුළෙන් තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන සුරේෂ්ට කිව්වා.

ඔයා බය වෙන්න එපා මං සේරම බලා ගන්නම් ඔයා කටුනායකට එන්න ඔයාගෙ බඩු මුට්ටු ටිකත් මං හොයලා දෙන්නම්.

සුරේෂ් පොරොන්දු වුණා. නිශානි කුලී ති‍්‍රරෝද රථයකින් කටුනායකට ආවා. තී‍්‍රවිල් එකේ ගාස්තුව ගෙව්වෙත් සුරේෂ්. ඒ වෙනකොට ඇයගෙ මුදල් පසුම්බියත් හොරු අරන්.

මේක පොලිසියට කියන්න ගියොත් වැඬේ දුරදිග යනවා. උසාවි ගානෙත් ඔයාට යන්න වෙයි. මං කොහොම හරි බඩු ටික හොයලා දෙන්නම්. එහෙම කියපු සුරේෂ් ගුවන්තොටුපළේ පීරමින් හතර අතේ දුරකථන ඇමතුම් දෙමින් අර වෑන් ඒක ගැන හොයන්න ගත්තා.

‘‘නංගි ඔයාගෙ බඩු ගත්ත උන් මේ අහල පහල ඉන්නවා. උන් මටත් කොලේ වැහුවා. මට දවසක් දෙකක් දෙන්න මං බඩු ටික සේරම හොයලා දෙන්නම්.’’

නිශානිගෙ හිත හැදුවා. ඒ වෙනකොට නිශානිගෙ එකම ගැලවුම්කාරයා වෙලා හිටියෙ සුරේෂ්. දෙන්නා අතරේ ලොකු බැඳීමකුත් දැන් ගොඩනැඟිලා. එයා දවසක් දෙකක් මගේ බෝඩිමේ ඉන්න. බඩු ටිකත් හොයාගෙනම ගෙදර ගියා නම් හොඳයිනෙ. යෝජනාවට නිශානිත් කැමැති වුණා. නිශානි සුරේෂ්ගේ බෝඩිමෙ නතර වුණා. එදා රාති‍්‍රය නිශානිට බොහොම දීර්ඝ එකක්. කඩවසම් තරුණයකු වූ සුරේෂ් ඉදිරියේ නිශානි එයාගේ හැඟීම් මුදාහැරියා.

දවස් දෙකක් තිස්සෙ නිශානි සුරේෂ් එක්ක එයාගෙ බෝඩිමෙ පෙම්සුව වින්දා. මං කියන්න ද ඔයා තලවකැලේ යන්න. මං කොහොම හරි ඔයාගෙ බෑග් ටික හොයලා ඔයාට කෝල් එකක් දෙන්නම්. එතකොට ඔයාට ඇවිත් ඒ ටික අරන් යන්න පුළුවන්නෙ. නිශානි ඒ තරම් තැලිලා පොඩි වෙලා හිටිය තරුණියක් නොවෙයි. ඒ නිසා ඇය සුරේෂ්ගෙ යෝජනාවට එකඟ වුණා. සුරේෂ් නිශානිට බස් ගාස්තු අතට දීලා තලවකැලේ ඇරියා. දින සතිවලට පෙරළුනා. බඩු ටික නිශානිට ලැබුණෙ නැහැ. ඒ වෙනකොට ඇය තුන් හතර වතාවක්ම කටුනායක ඇවිත් සුරේෂ්ව මුණගැහිලා තිබුණා. ඒ හැම වෙලාවකදීම සුරේෂ් නිශානි එක්ක පෙම්සුව විඳින්නත් අමතක කළේ නැහැ.

කොහොම කොහොම හරි මේ ප‍්‍රශ්නය අන්තිමේදී නිශානිගෙ වැඩිහිටියෝ දැන ගත්තා. ඒ අය නිශානිවත් එක්කගෙන කටුනායක ගුවන්තොටුපළ පොලිසියට ආවා. ඒ වෙනකොට ගුවන්තොටුපළ පොලිසියෙ ස්ථානාධිපති වෙලා හිටියෙ එරික් පෙරේරා මහතායි. එරික් පෙරේරා මහතා විමර්ශන ආරම්භ කළා. මුලින්ම පොලිසිය කළේ සුරේෂ්ව අත්අඩංගුවට ගන්න එක. එරික් පෙරේරා පොළොවෙ අඩි ගහද්දි සුරේෂ් දන්න කියන හැම තොරතුරක්ම කිව්වා.

අනේ සර් මං ප්ලෑන් කරලා මේ වැඬේ කළේ. මුස්ලිම් ගෑනු කෙනයි එයාගෙ මහත්තයි මං මේ වැඬේට සම්බන්ධ කර ගත්තා. නිශානිගෙ සේසතම සුද්ධ කළේ අපි.

මේ කතාව ඇහුවට පස්සෙ නිශානිගෙ කෝපය ඉහවහ ගියා. සති ගානක් තිස්සේ ඇසුරු කළේ මේ වගේ කාලකන්නියෙක් කියලා දැන ගත්තට පස්සෙ ඇයට ඇති වුණේ මහා වේදනාවක් එක්ක වෛරයක්. නිශානි අතදිග ඇරලා සුරේෂ්ට කම්මුල් පහර කීපයක් එල්ල කළා.

එරික් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන් නිශානිගේ නැති වෙච්ච හැම දෙයක් සොයා ගන්න ලැබුණා.


advertistmentadvertistment