නීතිඥවරයාගේ නම අමතක කළ විත්තිකරු මාස 2 ක් රිමාන්ඩ්

185

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගේ නම අමතක බව අධිකරණයට පැවසූ විත්තිකරුවකු මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

එම නඩුව ඊයේ (28 දා) විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොමැති බව වැටහී ගිය අධිකරණය ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගේ නම කුමක්දැයි විත්ති කූඩුවේ සිටි විත්තිකරුගෙන් විමසා සිටියේ නඩුව පසුවට කල්තබා එකී නීතිඥවරයා අධිකරණයට කැඳවා ගැනීමේ අරමුණින් යුතුවය. කෙසේ නමුත් ගත් කටටම සිය නීතිඥවරයාගේ නම මතක නොමැති බව විත්තිකරු ප්‍රකාශ කිරීම නිසා නීතිඥවරයාගේ නම සිහිපත් කර ගැනීමට විත්තිකරුට අවස්ථාව ලබාදෙමින් ලබන සැප්තැම්බර් 29 වැනිදා දක්වා විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment